පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම නැවත වරක් ගැටලුවකට පත්ව ඇතැයි වාර්තා වේ. එහි ගණනය කිරීමේ තාක්ෂණික යාන්ත්‍රණයේ මෙම ගැටලුව ...
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම නැවත වරක් ගැටලුවකට පත්ව ඇතැයි වාර්තා වේ.
එහි ගණනය කිරීමේ තාක්ෂණික යාන්ත්‍රණයේ මෙම ගැටලුව ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් සමානුපාතික ආසන සංඛ්‍යාව ලබාදීමේ ගැටලුවක් උද්ගතව තිබේ. විනාඩි 30කින් පමණ මැතිවරණ ප්‍රතිඵලයක් නිකුත් නොකිරිණි.
මේ වනවිට එය යථා තත්ත්වයට පත්කර ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටියි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම ඇති පිරිස් මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පූර්ව දැනුම්වත් කිරීමක් කර තිබූ බව ද වාර්තා වේ.
මේ හේතුවෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී මාධ්‍ය ආයතන ද දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇති අතර මාධ්‍ය ආයතන වෙත එවූ බොහෝ ප්‍රතිඵලවල ගණිතමය ගැටලු දක්නට ලැබිණි.
මැ.කො සමාව ඉල්ලයි
කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි.
ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන වීම සඳහා යාන්ත්‍රණයක් සකසා තිබූ නමුත් සැලසුම් කළ පරිදි අදාළ දත්ත නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී යැයි සිය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම කියයි.
මැතිවරණ කොමිසම වෙත ලිඛිත ආකෘතියකින් දත්ත ලැබීම සිදු වූ බැවින් පරිගණක පද්ධතියට ඒවා ඇතුළත් කළ නොහැකි යැයි ද කොමිසම පවසයි.
එම නිසා මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන කළ නොහැකි යැයි ද ඒ නිසා පරිගණක පද්ධතියෙන් බැහැරව අදාළ ප්‍රතිඵල ලේඛන අතින් සකස් කිරීමට සිදුව ඇතැයි ද කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS