දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුද්ගලික ප‍්‍රශ්නේ නිසා විභාගේ පාස් කරන්න බැහැයි කියා සටහන් තබා සමුගත් හරින්ද
Homeගොසිප්

පුද්ගලික ප‍්‍රශ්නේ නිසා විභාගේ පාස් කරන්න බැහැයි කියා සටහන් තබා සමුගත් හරින්ද

PropellerAds

මොණරාගලින් පළමුවෙනියාවූ හරින්ද පුද්ගලික ප‍්‍රශ්නේ නිසා විභාගේ පාස් කරන්න බැහැයි කියා සටහන් තබා සමුගත් හැටි ඊයේ උදෑසන කොළඹ විශ්ව විද්‍...

ගිංතොට ගැටුම මඬින්න සාගල මහ රෑ කළ මෙහෙයුම.
නීතිපති සහ අගමැති හදිසි සාකච්ඡාවක් - පළාත් පාලනය පැරණි ක්‍රමයට?
රාජපක්ෂ යුගයටත් කොමිෂන්.

මොණරාගලින් පළමුවෙනියාවූ හරින්ද
පුද්ගලික ප‍්‍රශ්නේ නිසා විභාගේ පාස් කරන්න බැහැයි කියා
සටහන් තබා සමුගත් හැටි


ඊයේ උදෑසන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ නේවාසිකාගාර කාමරයක් තුළදී හමුවූ මියගිය වෛද්‍ය සිසුවා සම්බන්ධ සිද්ධියට අදාළ ගවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
හරින්ද සෙනෙවිරත්න නමැති මියගිය වෛද්‍ය සිසුවා මොණරාගල රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට ඒ සාමාර්ථ තුනක් සහිතව එම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයාවී සමත්ව කොළඹ වෛද්‍ය පීඨයට
ඇතුළත්ව ඇත්තේ 2009 වසරේය.
එතැන් සිට කොළඹ වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ රැඳී සිටිමින් මාස කිහිපයකට වරක් පමණක් බිබිලේ පිහිටි නිවසට යමින් ඔහු සැහැල්ලූවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත.
ඔහු මුල් කාලයේ වෛද්‍ය අධ්‍යාපනය සාර්ථකව කරගෙන ගිය නමුත් අවසාන කාලයේ කිසියම් පුද්ගලික ප‍්‍රශ්න කිහිපයකට මැදිවීම නිසා වැඩ කටයුතු අවුල් කරගෙන තිබෙන බව වාර්තාවේ. වෛද්‍ය විද්‍යාලයේ ඔහුට සමකාලීන කණ්ඩායම අවසන් විභාගය සමත්ව ඉදිරි කටුයුතු සඳහා ගියත් ඔහුට එය එක්වරම සමත් කරගන්නට බැරි විය. දෙවන වතාවට ඊළඟ කන්ඩායම සමග විභාගයට පෙනී සිටියත් එයද බැරි විය.

ඔහු පසුගිය කාලයේ උත්සාහ කර ඇත්තේ තෙවන කණ්ඩායම සමග අවසාන විභාගයට මුහුණ දෙන්නටය.

ඔහු නේවාසිකාගාරයේ 96 වන කාමරයේ තනිව වාසය කළ අතර අනෙක් බොහෝ කාමරවල දෙදෙනා බැගින් සිටියත් ඔහු ජ්‍යෙෂ්ඨ සිසුවෙකු නිසා ඔහුට තනිව සිටින්නට නේවාසිකාගාර පාලකගේ අවසරය හිමිව තිබුණි. තනිව සිටි හරින්ද සිය පුද්ගලික ප‍්‍රශ්න කිසිවෙකු සමග බෙදා හදාගෙන තිබුනේ නැත. අවසන් දිනයේ ඔහු කාමරය වසාගෙන ඇතුළට ගියත් නැවත නාවේ ඇයිදැයි බලන්නට තරම් ඔහුට වඩා ළාබාල අනෙක් කන්ඩායමේ මිතුරන් ඔහු සමග ඔහු ඇයිහොඳයිකම් පවත්වාද නැත.

ඊයේ උදෑසන එම කාමරයෙන් ආ අධික දුර්ගන්ධය නිසා සමීප කාමරවල අයට ඇතිවූ සැකය මත හරින්දට සිදුවුණ දේ බලා ඇත.
දින කිහිපයකට පෙර මියගොස් තිබුණ දේහය අසළ විස කුප්පියක් හා සේලයින් බෝතල කිහිපයක්ද තිබුණ අතර කාමරයේ ඔහු දිවිනසාගන්නට පෙර ලිපියක්ද ලියා තිබුනි.
තමාගේ කලකිරීම් ඇතිකරවූ පුද්ගලික ප‍්‍රශ්නය ගැන පිටු 10 කට ආසන්න ලිපියක් ලියූ ඔහු මේ ගැටලූ තිබෙන තුරු තමාට විභාග පාස් කරන්නට ඔලූව සකසා ගන්නට බැරිබව එහි අවධාරණය කර ඇත. තමා ලෝකයේ තනිවූ අයෙකු ලෙස එම ලිපියේ අදහස් දක්වා තිබෙන හරින්ද මගේ මිනිය අම්මටයි තාත්තටයි විතරක් පෙන්නුවාම ඇති. ඒක මුහුදට ගිහින් ගොඩදාන්න යනුවෙන්ද සටහනක් තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන හරින්දගේ මව මේ සිදුවූ දෙය තේරුම් ගන්නට බැරි බව දක්වා ඇත. හරින්දගේ සොයුරිය පවසා ඇත්තේ පළාතේම දක්ෂ මොළයක් වූ හරින්ද වැනි කෙනෙකු අහිමිවීම රටටම පාඩුවක් බවත් හොරු අරන් ගියා වැනි ඔහුගේ සමුගැනීම ගැන තමාට අදහාගන්නට බැරි බවත්ය.
ඊයේ සිදු කළ මරණ පරීක්ෂණය අනුව මෙය විෂ ශරීර ගතවීමෙන් සිදුවූ සියදිවිනසාගැනීමක් බවට තීන්දු විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුද්ගලික ප‍්‍රශ්නේ නිසා විභාගේ පාස් කරන්න බැහැයි කියා සටහන් තබා සමුගත් හරින්ද
පුද්ගලික ප‍්‍රශ්නේ නිසා විභාගේ පාස් කරන්න බැහැයි කියා සටහන් තබා සමුගත් හරින්ද
http://ift.tt/2coM3Gw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_877.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_877.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy