ස්විස්ටර්ලන්තයේ අධිකරණයක් මඟින් දෙමළ ඩයස් පෝරාවේ පුද්ගලයින් 13 දෙනෙකු අධිකරණය හමුවට කැඳවීමේ සිද්ධියට විරෝධය පල කරමින් දෙමළ ඩයස් පෝරාවේ වි...
ස්විස්ටර්ලන්තයේ අධිකරණයක් මඟින් දෙමළ ඩයස් පෝරාවේ පුද්ගලයින් 13 දෙනෙකු අධිකරණය හමුවට කැඳවීමේ සිද්ධියට විරෝධය පල කරමින් දෙමළ ඩයස් පෝරාවේ විශාල පිරිසක් පෙරේදා (09) වීදි බැස විරෝධතාවයක නිරතව සිටින බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් රැස්කරමින් සිටි දෙමළ ඩයස් පෝරාවේ පිරිසකගෙන් ස්විස්ටර්ලන්ත ෆ්‍රෑන්ක් මිලියන 15.3 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්කි ලබා ගැනීම පිණිස මෙම 13 දෙනා පසුගියදා (08) ස්විස්ටර්ලන්ත අධිකරණය හමුවට කැඳවීය.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් පවත්වාගෙන යන ලද නඩු විභාගයේදී මෙම මුදල් වංචාව සිදුව අත්තේ 1989 වර්ෂයේ සිට එල්.ටී.ටී.ඊ.සංවිධානයට මුදල් ලබාදීමේ සිද්ධියක් බව හෙළිවීමෙන් පසුව ඔවුන් විසින් ලබාදෙන ලද මුදල් පිළිබඳව පූර්ණ විස්තරයක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් ස්විස්ටර්ලන්ත අධිකරණය නියෝග කොට තිබේ.
දෙමළ ඩයස් පෝරාවේ පිරිස එම විස්තර ලබාදීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකො බලමින් ඊට දින 20 ක කාලයක් ලබාදීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය කටයුතු කර තිබිණි.
ස්විස්ටර්ලන්තයේ සිටින දෙමළ ඩයස් පෝරාව වීදි බසිමින් විරෝධතාවයක නිරතව ඇත්තේ ස්විස්ටර්ලන්තය තුළ එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් සංවිධානයක් වී නොතිබියදී දෙමළ ඩයස් පෝරාවෙන් එල්.ටී.ටී.ඊ.සංවිධානය වෙණුවෙන් එකතු කරන ලද මුදල් ප්‍රමාණයන් පිළිබඳව විමසීමත්,ඒ ගැන ප්‍රශ්න කිරීම සඳහා පිරිසක් අධිකරණය හමුවට කැඳවීම අසාධාරණ ක්‍රියාවක් බව පවසමිනි.
COMMENTS