වෘත්තීය සමිති ඉදිරිපත් කළ කරුණු 05 කට එකගත්වය පළ කර තිබිය දී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් රෝගී සත්කාරක සේවා අතහැර දමා වර්ජනයක නිර...
වෘත්තීය සමිති ඉදිරිපත් කළ කරුණු 05 කට එකගත්වය පළ කර තිබිය දී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් රෝගී සත්කාරක සේවා අතහැර දමා වර්ජනයක නිරත වීම අසාධාරණ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (10) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විනි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“නව තාක්ෂණයට අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් සදහා ඇඟිලි සලකුණු යන්ත්‍ර අපි හඳුන්වා දුන්නා. පොතක අත්සන් කරනවා කියන්නේ පැරණි ක්‍රමයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ නව තාක්ෂණය භාවිත කරමින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරීම සඳහායි. නමුත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් නව තාක්ෂණයට විරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. රෝගීන් මේ නිසා අපහසුතාවට පත්ව තිබෙනවා. වෘත්තීය සමිති මේ පිළිබදව වර්ජනය ආරම්භ කිරීමට ප්‍රථම සාකච්ඡා පැවැත්වූවා. එහිදී වෘත්තීය සමිති ඉදිරිපත් කළ කරුණු 05 කට පාලන අධිකාරිය එකගත්වය පළ කළා. එවැනි එකගතාවයක් තිබිය දී එක් වෘත්තීය සමිතියක මව් සංගමය විසින් එම කරුණුවලට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් වර්ජනයක් දියත් කළා. එය අසාධාරණයි.”
COMMENTS