දූෂණ විරෝධී මත ශක්තිමත් කිරීම හා ඒ මතය ක්‍රියාත්මක කිරීම රටක අනාගත සංවර්ධනයේ ආත්මාරක්ෂාව බවත්, මුල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍ය...
දූෂණ විරෝධී මත ශක්තිමත් කිරීම හා ඒ මතය ක්‍රියාත්මක කිරීම රටක අනාගත සංවර්ධනයේ ආත්මාරක්ෂාව බවත්, මුල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 70වන නිදහස් දිනයේ ජාතිය අමතා ප්‍රකාශ කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය ඉහලින්ම පිළිගන්නා බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
රවී කරුණානායක මන්ත්‍රීවරයා අද (06) එබව සඳහන් කලේ, මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
බැඳුම්කර සිද්ධිය තුලින් මන්ත්‍රීවරයෙක් ලෙස, පුද්ගලයෙක් ලෙස තමාට මුහුණ දීමට සිදුව ඇති අනිසි බලපෑම් සම්බන්ධයෙන් දීර්ග කරුණු පැහැදිලි කිරීමක් කල මන්ත්‍රීවරයා, මේ විනාශකාරී දේශපාලනය තුල ලංකාවේ ඉන්න එකම පව්කාරයා, එකම අපරාධකාරයා බවට තමාව පත් කරන දේශපාලනයක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බවත් එය අදටත් ක්‍රියාත්මක වන බවත් කියා සිටියේය.
එකම පව්කාරයා මම ද ?
බැඳුම්කර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.
''මං හිතනවා මාස දහයක් තිස්සේ මටත් පවුලේ උදවියටත්, එක්සත් ජාතික පක්ෂයත් පව්කාරයා ලෙස සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? මාව පව්කාරයා කරලා, කුරුසිය කරේ තියලා, කල්වාරි කන්ද නග්ගන විදිහට මාධ්‍ය සංදර්ශන පැවැත්වුයේ මේ ටික කියන්නද? ඇත්තටම මේ තුළ සිදුව ඇත්තේ කන්දක් විළිලා මීයෙක් වැදුවා වැනි දෙයක් නොවේද?
ගරු කථානායකතුමනි, මෙය පුදුම එලවන ප්‍රකාශයක් නොවේද? මොවුන් මාස 10ක් බලාසිටියේ මේක කියන්නද? ඔහු විමසා සිටියේය.
එජාපය දිනවා පිළිතුරු දෙමු :
අවසානයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන් ගෙන් මෙසේ ආයාචනයක් කර සිටියේය.
''මම රටේම ඉන්න අපේ UNP පාක්ෂිකයින්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ 2018 පෙබරවාරි 10 දින උදෙන්ම ජන්ද පොලට ගිහින් ඔබේ ගම , ප්‍රදේශය දියුණු කල හැකි UNP ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් පත් කරන්න , එමගින් එක්සත් ජාතික පක්ෂය දිනවන්න, යහපාලන ආණ්ඩුව ශක්තිමත් කරන්න ඔබේ වටිනා ජන්දය පාවිච්චි කරන්න කියලා.''
COMMENTS