දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප - ඒකාබද්ධ එකතුව ස්ථිරයි - අපේ ජනාධිපති ගැන අපි බලාගන්න සූදානම්'- මහින්ද.
Homeගොසිප්

ශ්‍රීලනිප - ඒකාබද්ධ එකතුව ස්ථිරයි - අපේ ජනාධිපති ගැන අපි බලාගන්න සූදානම්'- මහින්ද.

PropellerAds

යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජ...

ලාෆ්ස් ගින්නට ගෑස් පිපුරුවේ නැති නිසා හානි අවමයි
රාජගිරියේ ලාෆ්ස් සුපර්මාර්කට් ගිනිගනී
රත්මලානෙන් ප්ලේන් එකක් අරන් ගිහින් කොල්ලුපිටියෙ ඇමරිකන් ඇම්බසිය පුපුරවන අයිඑස් සැලසුමක්

යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අමරපුර චූලඝන්ඨි මහා නිකායේ ජේ‍යෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද හිමියන්ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පැවැති පිංකමක් අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒකාබද්ද සමග එක් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය විසින් ශ්‍රීලනිපයට පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනපතිගෙන් විමසීය.

‘ඒක තමයි අපටත් ඕන. යන්න කියන්නකෝ බලන්න. අපේ කට්ටිය අපට දෙන්න. එතකොට ඉවරයි.

අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්’ යනුවෙන් රාජපක්‍ෂ මහතා ඊට පිලිතුරු දුන්නේය.

'අගමැතිකම ඉල්ලපු කතාව මඩක්'

''අගමැතිකමවත් විපක්ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාර'' යැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26දා) අහුන්ගල්ලේදී පැවැසීය.

තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද කීය.

''ඉදිරි මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවෙනවාද නැද්ද තීරණය කරන්නේ මම නෙවෙයි අපේ මන්ත්‍රි කණ්ඩායමයි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට තුන්දෙනකු පත්කර තිබෙනවා. ඒ අයගේ තීන්දුව අනුවයි ඉදිරි තීරණ ගන්නේ.

අපි එකතු වෙන්න නම් අගමැතිකම හෝ විපක්ෂ නායකකම ඉල්ලුවා කිව්වත් අපි එහෙම ඉල්ලුවේ නැහැ. මේවා මට මඩ ගහන්න හදන බොරු ප්‍රචාරයයි. මේවාට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.''

එකතුව ස්ථිරයි ! විපක්ෂ නායක දිනේෂ්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර සිදුවන සාකච්ජා මේවනවිට අවසන් අදියරේ පවතින බවත් මේ අනුව යලි ශ්‍රීලනිපය යලි සමගිවීම ස්ථිර බවත් එම සාකච්ජාවට සහභාගිවන නියෝජිතයකු පැවසිය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක පෙරමුණකින් තරඟ කිරීම මෙම සාකාච්ජා වල මුලික අරමුණ බව ඔහු කියා සිටියේය.

ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙම සාකච්ජාවලදී කතාබහට ලක්වුයේ දැයි කල විමසීමේදී ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

අගමැති චමල් ???

කෙසේවුවද ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම ඔවුන්ගේ මුලික ඉලක්කය වී ඇති බවයි.

එවැනි මොහොතකදී චමල් රාජපක්ෂ මහතා අගමැති කිරීමට ද ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහය අසාර්ථක වුවහොත් දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායකයා කිරීමට ද ඒකාබද්ධ අභ්‍යන්තරයේ සාකච්ජාවට බඳුන් වී ඇත.

මේ අතර ඊයේ අහුන්ගල්ලේ දී මාධ්‍ය ඇමතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රීලනිපය එකතු කිරීම සඳහා තමා කිසිඳු අවස්ථාවක අගමැතිකම හෝ විපක්ෂ නායකකම නොඉල්ලු බව කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප - ඒකාබද්ධ එකතුව ස්ථිරයි - අපේ ජනාධිපති ගැන අපි බලාගන්න සූදානම්'- මහින්ද.
ශ්‍රීලනිප - ඒකාබද්ධ එකතුව ස්ථිරයි - අපේ ජනාධිපති ගැන අපි බලාගන්න සූදානම්'- මහින්ද.
http://ift.tt/2zFklp3
https://i.ytimg.com/vi/idJSGAD_5IU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_839.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_839.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy