දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'2015 දී රටේ බලය ගත්තා.. 2018 දී ගමේ ගන්නවා' - අගමැති.
Homeගොසිප්

'2015 දී රටේ බලය ගත්තා.. 2018 දී ගමේ ගන්නවා' - අගමැති.

PropellerAds

2015 වසරේ රටේ බලය ආණ්ඩුවට ලබා ගත්තා සේම 2018 දී ගමේ බලය ද ලබාගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව යහපාලනය කරන ඕනෑම...

බිරිය මළ ශෝකයෙන් පැවිදිවූ හිමි නම භාවනා මධ්‍යාස්ථානයක නැවතී කූඩු ගහලා
මීගමුවේ හෝටලයක නෝර්වේ ජාතිකයකු අභිරහස් ලෙස මරලා
මාරවිල බස් අනතුරින් 4 ක් මරුට

2015 වසරේ රටේ බලය ආණ්ඩුවට ලබා ගත්තා සේම 2018 දී ගමේ බලය ද ලබාගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව යහපාලනය කරන ඕනෑම කෙනෙක් සමග වැඩ කිරීමට ආණ්ඩුව සූදානම් බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේ නාවලපිටිය එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩල රැස්වීම අද (26) අමතමින්.

2015 වසරේ ජනවාරි 08 දා ජනාධිපති බලයත්, පසුව ආණ්ඩු බලයත් ලබාගෙන කෙටි කාලය තුළ රටේ ප්‍රතිරූපය ගොඩනගමින් සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයකට මුල පිරීමකට හැකි වූ බවත් පළාත් පාලන ආයතනවල බලයද ආණ්ඩුවට තිබුණේ නම් මීට වඩා වැඩි වැඩ කොටසක් සිදු කිරීමට හැකියාව තිබූ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

"2015 දී අපි රටේ බලය මේ ආණ්ඩුවට ලබා ගත්තා. දැන් 2018 ගමේ බලයත් අපි අතට ගන්න ඕනි.

2014 වන විට පැවැති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව එදා බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා. නමුත් ඒ අභියෝගය අපි භාරගෙන යහපාලනය සඳහා සියලූ පාර්ශ්ව එකතු වී මෛත්‍රීපාල සිරිසේන මහතාව පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරමින් 2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කළා. පසුව පැවැති පාර්ලිමේන්තු ඡන්දයත් ජයග්‍රහණය කර ආණ්ඩුවක් ඇති කළා.

ඒ ආණ්ඩුව ඇති කළත් ඉන් අපට ලැබුණේ රටේ බලය පමණයි. පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා බලය අපට ලැබුණේ නැහැ. එම නිසාම ඒවායේ වැඩ කටයුතු කිරීමේදී ප්‍රශ්න ඇති වුණා. මේ තත්ත්වය වෙනස් කර පුළුල් සංවර්ධනයක් දියත් කිරීමට නම් පළාත් පාලන ආයතනවල බලය ද අප ලබා ගත යුතුයි.

2015 දී අප භාරගත්තේ මානව හිමිකම් කඩවී ලෝකයෙන්ම කොන් වූ රටක්. ආර්ථිකය මුළුමනින්ම විනාශ වූ රටක් මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් කිරීමට අපට හැකි වුණා. ලෝකයේ සහය ලබාගැනීමට අපට හැකි වුණා. ජනාධිපතිතුමාත්, මමත් ලෝකය වටේ ගොස් නැතිවී ගිය විශ්වාසය යළි ගොඩනැගුවා.

යහපාලන රජය බලයට පත් වන විට රට ආර්ථික වශයෙන් කඩා වැටී අභියෝග රැසකට මුහුණපා සිටියත්, ඉන්ධන, ගෑස් සහ අනෙක් භාණ්ඩවල මිල අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට අප ක්‍රියා කළා. එපමණක් නොවෙයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග වැඩි කළා.

ගතවූ කෙටි කාලය තුළ අප ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස 2017 වන විට මේ රටේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කිරීමට හැකි වුණා. ඒ නිසා රටේ සංවර්ධන කටයුතු රැසකට මුලපිරීමට අපට හැකි වුණා.

මේ වැඩපිළිවෙළ 2025 දක්වා අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. රට විශාල වශයෙන් සංවර්ධනය කොට රැකියා ආදායම් මාර්ග වැඩි කර අප හමුවේ ඇති ප්‍රශ්න බොහෝමයකට විසඳුම් ලඟා කර ගත හැකියි.

පසුගිය කාලය තුළ මේ තරම් විශාල වැඩකොටසක් කිරීමට හැකි වුණේ පළාත් සභා, ප්‍රාදේශීය සභාවල බලය අපට නොමැතිවයි. ඒ බලයත් තිබුණා නම් මේ වැඩකටයුතු තවත් වේගවත් කිරීමට හැකියාව තිබුණා.

ප්‍රාදේශීය සභා ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් ආණ්ඩුවේ ශක්තිය තවත් වැඩි කර ගත හැකියි. එසේ නම් අපි අද කළ යුත්තේ මුලින්ම ප්‍රාදේශීය සභා ඡන්දය ජයග්‍රහණය කිරීමයි. ඉන්පසුව පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කරමු. යහපාලනය කරන ඕනෑම කෙනෙක් සමග අපි වැඩ කරන්න ලෑස්තියි. එසේ නම් අපේ බලය තහවුරු කර ගන්න ඔබ ජනාධිපතිවරණයට වැඩ කළා සේම මේ මැතිවරණයටත් බැහැලා වැඩ කළ යුතුයි."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: '2015 දී රටේ බලය ගත්තා.. 2018 දී ගමේ ගන්නවා' - අගමැති.
'2015 දී රටේ බලය ගත්තා.. 2018 දී ගමේ ගන්නවා' - අගමැති.
http://ift.tt/2Aa9XEC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/2015-2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/2015-2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy