අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියම සුද්දෙක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හම...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියම සුද්දෙක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී උන්වහන්සේ මෙලෙස අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළහ.
“පැහැදිලිවම කියනවා අපට නිදහසක් නෑ. අපි නිදහස් වෙලා නෑ තවම සුද්දාගෙන්. මහ බැංකුව මංකොල්ල කාපු මහ බැංකු වංචාව බැඳුම්කර මගඩිය. ඒ පිළිබඳව ජනධිපති කොමිසන් එකක් පත් කළා. ජනාධිපති කොමිසමේ වාර්තාවක් ආවා. ඒ වාර්තාව තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වාර්තාව විතරක් නෙවෙයි බොහෝ වාර්තා මුලින්ම එන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට අපේ බස ඉංග්‍රීසිද? සංචාරය කරන විට පාරවල් දෙපැත්තේ තියෙන බෝඩ්, වෙළෙඳ දැන්වීම් ඔක්කොම වගේ ඉංග්‍රීසි භාෂාවෙන්.”
“එහෙම තියෙද්දී මහ ලොකුවට නිදහස් උත්සව සමරනවා. ඒ නිදහස් උත්සවයට අපේ නිදහස අහිමි කළ එංගලන්ත රජ පවුලේ වර්තමාන පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රධාන ආරාධිතයා හැටියට නම් කරගෙන ඒ නිදහස් උත්සවය සමරනවා. මේ කළු සුද්දන්ගේ වැඩ. රනිල්ට ඕනේ ඒක. මොකද රනිල් සුද්දෙක්. කළු සුද්දෙකුත් නෙවෙයි නියම සුද්දෙක්. සිරිසේන කියන්නේ රනිල් කියන දේ කරන මිනිහා. රටේ නායකයා ජනාධිපති එහෙම කිව්වට කිසි තේරුමක් නෑ ඒක. රනිල් කියන්නේ මොකක්ද ඒක තමයි සිරිසේන කරන්නේ. මේ වගේ මිනිස්සු අපේ රටේ නායකයින් හැටියට ඉඳගෙන විහිලු කිරීමට තවදුරටත් ඉඩ නොදිය යුතුයි.”යැයිද එහිමියෝ සඳහන් කළහ.
COMMENTS