මෙන්ඩිස් සමාගම හරහා අර්ජුන් ඇලෝසියස් 2017 වසර තුළ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 04කින් ලබාගත් රුපියල් මිලියන 6,400ක් නොගෙවීම හේතුවෙන් එම ණය මේ ...
මෙන්ඩිස් සමාගම හරහා අර්ජුන් ඇලෝසියස් 2017 වසර තුළ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 04කින් ලබාගත් රුපියල් මිලියන 6,400ක් නොගෙවීම හේතුවෙන් එම ණය මේ වනවිට 50%ක අක්‍රිය ණය බවට පත්ව ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.
ඒ අනුව 2017 ඔක්තෝබර් මස සිට එකී ණය අක්‍රිය බවට පත්වීමට පටන් ගෙන ඇත.
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචාව මෙන්ම රටේ අනෙකුත් බැංකුවලටද වංචා කරමින් වංචා දෙකකට චෝදනා ලැබ ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව රාජ්‍ය බැංකු දෙකකට රුපියල් මිලියන 4,100ක්ද, පෞද්ගලික බැංකු දෙකකට රුපියල් මිලියන 2,300ක්ද ආකාරයට ලබා ගත් අතර එයින් බැංකු දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව ඒ මහතා සඳහන් කරයි.
එම ණය මුදල් පියවා ගැනීමට නම් අර්ජුන් ඇලෝසියස්ට අයත් දේපළ පවරා ගත හැකි නමුත් දේශපාලන අත පෙවීම නිසා එයද වැළැකී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් අදාළ මුදල් ජනතාවගේ තැන්පතු මුදල් බවත් දැනට මහ බැංකුවේ රඳවා ඇතැයි කියන රුපියල් මිලියන 12,000ක මුදල එකී මුදල් බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS