සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍ර...
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුගතපාල මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් පොත්වලින් සටහන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවයි.
උප පොලිස් පරීක්ෂකගේ සම්පූර්ණ ප්‍රකාශය රහස් පොලිසිය පෙබරවාරි දෙවැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන රහස් පොලිසිය ඇමැති සරත් ෆොන්සේකාගේ, ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ, මර්වින් සිල්වා මහතාගේ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් රැසකගේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
COMMENTS