දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘රණවිරු දඩයමට පනත් දෙකක් හදලා ඉවරයි’ - බුද්ධි අංශ නිලධාරීන් දඩයම අලුත් වටයකින් අරඹලා
Homeප්‍රවෘත්ති

‘රණවිරු දඩයමට පනත් දෙකක් හදලා ඉවරයි’ - බුද්ධි අංශ නිලධාරීන් දඩයම අලුත් වටයකින් අරඹලා

PropellerAds

‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති මේ සිරිසේන - වි...

නාමල් අවාසනාවන්තයෙක්... අර සිහිනය සුන් - ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්!
"සතුටු වෙන්න හොඳට කන්න එන්න යාළුවේ" - මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ!
ඩීල් කතාවෙන් රනිල්ට මළ පනී! බකීර් මාකර්ට යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරක්!
‘රණවිරු දඩයමට පනත් දෙකක් හදලා ඉවරයි’ - බුද්ධි අංශ නිලධාරීන් දඩයම අලුත් වටයකින් අරඹලා

‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති මේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව, ජාතික බුද්ධි බලකායේ නිලධාරීන් රැසක් දඩයම් කිරීමේ මෙහෙයුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

“පෙබරවාරි 10 වැනිදා ලත් මැතිවරණ පරාජයෙන් පස්සේ, තෙල්දෙණිය ගින්න සහ ෆේස්බුක් තහනම මැද්දේ රණවිරු දඩයම සහ බුද්ධි අංශ අඩපණ කිරීම වේගවත් කරන්න ආණ්ඩුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ෂානි අබේසේකරලාට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව බුද්ධි අංශ දඩයමේ නව වටය පසුගිය මාර්තු 13 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම දියත් වන විට වන්නි ආඥා බල ප්‍රදේශය ආරක්‍ෂක කලාපය සහ ආරක්‍ෂක නොවන කලාපය ලෙස කොටස් දෙකකට වෙන් කර තිබුණා. මේ කලාප දෙක වෙන් වූයේ ඕමන්තෙන්. ආරක්‍ෂක කලාපයේ සිට තමයි අපේ ආරක්‍ෂක හමුදා, ආරක්‍ෂක නොවන කලාපයේ යුද මෙහෙයුම් දියත් කළේ. ආරක්‍ෂක කලාපයේ කේන්ද්‍රය වූයේ වව්නියාවයි. වව්නියා ගුවන් හමුදා කඳවුර සහ ඊට යාබඳ යුද හමුදා කඳවුර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ලෙස පිහිටුවලා එතැන සිට තමයි මුළුමහත් වන්නියම මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කළේ.

ඒ ගුවන් හමුදා කඳවුරට යාබද යුද හමුදා කඳවුර හැඳින්වූයේ ‘ජෝසප් කඳවුර’ නමින්. ඒ ජෝසප් කඳවුරේ තමයි ජාතික බුද්ධි බලකායේ පළමු ඛණ්ඩය ස්ථානගත වී සිටියේ. උතුරු පළාත හෙවත් වන්නියේ සියලු හමුදා මෙහෙයුම්වලට අදාළ බුද්ධි මෙහෙයුම් දියත් කළේ ඉහත කී ජෝසප් කඳවුරේ සිටයි. ඒ නිසාම දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේත් ඔවුන්ගේ හාම්පුතුන් වන බටහිර බලවේගවලත් බරපතළ විරෝධයට සහ වෛරයට, මේ ජෝසප් කඳවුරේ සිටි බුද්ධි මෙහෙයුම් නිලධාරීන් සහ සෙසු නිලයන් පාත්‍ර වී සිටියා. 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් වූ මේ රූකඩ ආණ්ඩුවට ඉහත කී බෙදුම්වාදී ඩයස්පෝරාව සහ බටහිර බලවතුන් බලපෑම් කළා ‘වහාම ජෝසප් කඳවුරේ සිටි බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගන්න, ඔවුන් හෙළිදරව් කරන්න, ඔවුන්ට අතුරුදහන් කිරීමේ චෝදනා එල්ල කරන්න’ කියා. කොටි සංවිධානයේ නූතන අනුප්‍රාප්තිකයන් වන ආර්. සම්බන්ධන්ලා, විග්නේෂ්වරන්ලා ද මේ ආණ්ඩුවට එවැනිම බලපෑමක් සිදු කළා.

ඒ බලපෑම්වලට හිස නමපු මේ ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ විශේෂ මානව හිමිකම් නියෝජිත කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණිමට ඉඩකඩ හදලා දුන්නා. ‘ශ්‍රී ලංකාව තුළ සිදු වූ අතුරුදහන් කිරීම් ගැන සොයන්න, බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින අය ගැන සොයන්න’ කියමින් තමයි මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත කණ්ඩායම ආවේ. ඔවුන් 2017 දෙසැම්බර් 04 සිට දෙසැම්බර් 15 දක්වා ශ්‍රී ලංකව තුළ සිටියා. අවසාන දින දෙක තුළ තමන්ගේ මූලික ඉලක්කය සපුරා ගැනීමේ උවමනාවෙන් ඔවුන් ජෝසප් කඳවුරට ගියා. ‘බලහත්කාරයෙන් පිරිස් රඳවා ගෙන ඉන්නවාද?’ කියා බැලුවා. එම කඳවුරේ සියලු කටයුතු ඔවුන්ගේ නිරන්තර අවධානයට යොමු වුණා. ජොසේ අන්තෝනියෝ, ගුවේරා මුන්ඬේස්, ලේ ටුමේ, එලීනා ස්ටෙන්ටියර් යන නියෝජිතයන් සිව් දෙනා තමයි මේ කටයුත්තට ශ්‍රී ලංකාවට ආවේ. ඔවුන්ගේ වාර්තාවට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ෂානි අබේසේකරලා පසුගිය මාර්තු 13 වැනිදා සිට වැඩ අරඹලා තිබෙනවා. ඔවුන් එදින ජෝසප් කඳවුරේ සේවය කළ දැනට විශ්‍රාමික සහ දැනටමත් ක්‍රියාන්විත රාජකාරියේ නිරත නිලධාරීන් 05 දෙනෙකු කැඳවා කටඋත්තර ගෙන තිබෙනවා.

මේ ආණ්ඩුව දැන් එතැනින් නතර වී නැහැ. ජෝසප් කඳවුරේ සේවය කළ සියලුම බුද්ධි අංශ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිනයන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා, ‘ලිපියෙහි සඳහන් පොලිස් ස්ථානයට ගොස් කටඋත්තරයක් දෙන්න’ කියා. මේ මහා බුද්ධි අංශ දඩයම මාර්තු 19 වැනිදා සිට ඇරඹෙනවා.

‘රණවිරු දඩයම් පනත් දෙකම දැන් සම්මතයි’

මේ ආණ්ඩුව 2018 මාර්තු 07 වැනිදා වන විට රණවිරු දඩයම වෙනුවන්ම නීති දෙකක් හදලා තිබෙනවා. එක නීතියක් තමයි, ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ ඒ නීතිය යටතේ දැන් කොළඹ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. එහි කොමසාරිස්වරුන් ලෙස කොටි ධේනුවක් වන නිමල්කා ප්‍රනාන්දු ඇතුළු බෙදුම්වාදී එන්ජීඕ නඩයක් පත් කර අවසන්. තෙල්දෙණියේ ගින්න මැද්දේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නොතකා පසුගියදා සම්මත කර ගත් ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත’ රණවිරු දඩයම සඳහා හදපු අනෙක් නීතියයි. ඒ පනත් දෙක මගින් ‘ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කර ගත හැකියි. එසේ තිබියදී තමයි තවත් වටයකින් බුද්ධි අංශ නිලධාරීන් දඩයම ආරම්භ කර ඇත්තේ. මේ කනගාටුදායක තත්වයට එරෙහිව මේ රටේ කෘතගුණ දත් ජනතාව පෙළගැස්වීමට ජාතික නිදහස් පෙරමුණ සහ ඒකබද්ධ විපක්‍ෂය ලෙස අප කටයුතු කරනවා. රණවිරු දඩයමට එරෙහිව පෙරට එන ලෙස ලක්මාතාවගේ කෘතගුණ දත් සියලු දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයිද ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘රණවිරු දඩයමට පනත් දෙකක් හදලා ඉවරයි’ - බුද්ධි අංශ නිලධාරීන් දඩයම අලුත් වටයකින් අරඹලා
‘රණවිරු දඩයමට පනත් දෙකක් හදලා ඉවරයි’ - බුද්ධි අංශ නිලධාරීන් දඩයම අලුත් වටයකින් අරඹලා
http://am.lk/media/k2/items/cache/733629cb79b06e8dc9cd33838ef6765d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_572.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_572.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy