දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"විගණන පනත සකස් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන්" - හඳුන්නෙත්ති
Homeප්‍රවෘත්ති

"විගණන පනත සකස් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන්" - හඳුන්නෙත්ති

PropellerAds

දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව තමන්ට අවශ්‍ය ආකාරයට විගණන පනත සම්මත කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට ...

ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොරෝනා වැලදේ.. WHO කැළඹෙයි..
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී හමුදා කණ්ඩායමක් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට රෝගියෙකුගෙන් සටහනක්
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව තමන්ට අවශ්‍ය ආකාරයට විගණන පනත සම්මත කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේය.

මුල් පනත සහ සම්මත වූ පනත අතර පැහැදිලි පරස්පරතාවයක් තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

විගණනයේදී වැරදිකරුවෙක් ලෙස හඳුනාගන්නා පුද්ගලයෙක්ගෙන් එම දණ්ඩණය අය කර ගනීමේ බලය විගණන කොමිසමට තිබිය යුතු බවත් පනත අනුව එම බලය අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරා ඇති බවද සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

අප විසින් ඉදිරිපත් කළ සංශෝධන ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ආණ්ඩුව විසින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මේ පනත තමන්ට අවශ්‍ය ආකාරයට තමයි දැන් සකස් කරලා තියෙන්නේ. මුල් පනත් කෙටුම්පතේ තිබිච්ච අඩංගුව සහ දැන් මේ සම්මත වෙච්ච එක පැහැදිලි පරස්පරයක් තියෙනවා. එක වගන්තියක් තියෙනවා විගණකාධිපතිවරයාට යම් රාජ්‍ය නිලධාරියෙක් වැරදි අසත්‍ය තොරතුරු සැපයුවොත් ඒ අධිකරණ ක්‍රියාවලියකින් ඔහු වැරදිකරු කියලා ඔප්පු වුනෝතින් උපරිම දඩය රුපියල් ලක්ෂයක් මේ පනතේ යෝජනා කරලා තියෙනවා. දැන් ආණ්ඩුවම යෝජනාවක් ගේනවා ඒක 5000ට අඩු කරන්න. අපි සංශෝධනයක් ගේනවා අවම දඩය 5000ක් වෙන්න ඕනේ. කෑගහලා කෑගහලා යන්තම් 5000 25000 කර ගත්තා. ඒ විගණනයේදී වැරදිකරුවන් හැටියට අඳුරගන්න පිරිස්වලට ඒ දණ්ඩනය අය කර ගැනීමේ බලය තියෙන්න ඕනේ විගණන කොමිසමට. හැබැයි විගණන කොමිසමට තිබ්බ ඒ බලය ආණ්ඩුව භාර දීලා තියෙනවා අමාත්‍යංශ ලේකම්වරුන්ට.”

“ලේකම්වරයා වරදක් කලොත් මේකේ අධිභාර පනවන්න යෝජනා කරලා තිබුණේ ජනාධිපතිවරයාට. අනික ජනාධිපතිතුමාම තමයි ලේකම්වරු පත් කරන්නේ. එතකොට ඒ ජනාධිපතිතුමාම ලේකම්වරයාට අධිභාර පනවන්නේ නැහැනේ. ආණ්ඩුව මොකද කළේ අපෙන් ගත්ත සංශෝධන ටික ආණ්ඩුවේ සංශෝධන හැටියට ඉදිරිපත් කළා. මගේ කලිසම ඌ ඇඳගෙන උගේ වගේ යනවා කියලා. විශේෂයෙන් කැබිනට් මණ්ඩලය නොදන්න වැඩක් කරන්න ගිහිල්ලා හත්පොලේම ගාගෙන තියෙන්නේ මේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විගණන පනත සකස් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන්" - හඳුන්නෙත්ති
"විගණන පනත සකස් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන්" - හඳුන්නෙත්ති
http://am.lk/media/k2/items/cache/b2540582fd7b92cbaf88d7074ccfb2dc_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_148.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_148.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy