විජයකලා මහේෂ්වරන් මහත්මියට ප්‍රකාශ කිරීමට නොහැකි වූ කතාව වන්නේ යුද්ධය අවසන් වූ අවස්ථාවේ සිට 2014 දක්වා වර්තමානයේ ඇති වූ කිසිඳු දෙයක් ඇති න...
විජයකලා මහේෂ්වරන් මහත්මියට ප්‍රකාශ කිරීමට නොහැකි වූ කතාව වන්නේ යුද්ධය අවසන් වූ අවස්ථාවේ සිට 2014 දක්වා වර්තමානයේ ඇති වූ කිසිඳු දෙයක් ඇති නොවූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (08) මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ව්‍යාපාරික වටිනාකමකින් යුතු වැදගත් ස්ථාන දෙකක් බවත් ඒ තුළින් එම ප්‍රදේශයම සංවර්ධනය කිරීමේ හැකියාව තිබූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
නමුත් එහි වටිනාකම නොදැන මේවා විදේශිකයන්ට පවරා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පාතාලේ නැගිටීම, කුඩුවල නැගිටීම, යාපනයේ පවා. මන්ත්‍රීවරිය කියපු කතාව ඇත්තටම එතුමියට කියන්න බැරි වෙච්ච කතාව තමයි යුද්ධය අවසාන වුණු අවස්ථාවේ ඉඳලා 2014 වෙනකන් ඔය කියන කිසිම දෙයක් යාපනයේ තිබුණ නැති බව. යාපනය අර්ධද්වීපයේ පවා මේ තත්වය අද මේ රජයට පාලනය කර ගන්නට බැරි වෙලා තියෙනවා. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ බිහි කරන රජයක් තුළින් අපි මේ ජනතාවට අවශ්‍ය හැකියාවක් තියෙන පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවන්න ඕනේ.”
COMMENTS