මාතර උයන්වත්ත ප්‍රදේශයේ දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල රජයේ දේශපාලඥයෙකු ඉලක්ක කර පෙරදින රාත්‍රී බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව දේශපාලන ...
මාතර උයන්වත්ත ප්‍රදේශයේ දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල රජයේ දේශපාලඥයෙකු ඉලක්ක කර පෙරදින රාත්‍රී බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අදාල දේශපාලනඥයා මාතර මහ නගර සභාවට තරග කරන අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගී වී ආපසු යන අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව පැවසේ.
කෙසේ වෙතත් ඈත පැරණි ගොඩනැගිල්ලක සිට කලුවරේ එල්ල කර ඇති කුණු බිත්තර දෙකක් අදාල දේශපාලනඥයාගේ නිල රථයට වැදී තිබේ.
ඒ සමගම ඔහු ඇතුළු ආරක්ෂකයින් මදක් ගමන නවතා පිටතට පැමිණ සෝදිසි කර යලි පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
අදාල දේශපාලනඥයා එම සිද්ධිය ගැන එතරම් තැකීමකට ලක් කර නොමැත. බිත්තර ප්‍රහාරය එල්ල කළ ස්ථානය කාලයක සිට වසා දැමූ රජයේ ගොඩනැගිල්ලක් වන අතර එහි නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා සිදු වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
එම නිසා එය නැවත අලුත්වැඩියා කර වැඩකට ඇති කාර්යයකට යොදා ගන්නා ලෙසටද යෝජනා ඉදිරිපත් වී තිබේ.
ඊට විරුද්ධ අයෙකු මෙම ක්‍රියාව සිදු කළේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
COMMENTS