දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී ගුණරත්න රනිල්ට කියන දේ.
Homeගොසිප්

මෛත්‍රී ගුණරත්න රනිල්ට කියන දේ.

PropellerAds

පරම්පරාවෙන් එක්සත් ජාතික පක්ෂයේ අයගෙන් මම කාරුණිකව ඉල්ලනවා.  අලියාට ගසන ඡන්දය තවත් වසර 7 ක් රනිල්  වික්‍ර‍මසිංහට එජාපය විනාශ කිරීමට ලබා දෙ...

වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට.
අගමැති, බැඳුම්කර වංචා අයකරගන්න යයි.
ශ්‍රී ලංකාවට සෘජු ගමන් අරඹන ඉන්දියාවේ විශාලතම ගුවන් සේවය : IndiGo

පරම්පරාවෙන් එක්සත් ජාතික පක්ෂයේ අයගෙන් මම කාරුණිකව ඉල්ලනවා.  අලියාට ගසන ඡන්දය තවත් වසර 7 ක් රනිල්  වික්‍ර‍මසිංහට එජාපය විනාශ කිරීමට ලබා දෙන ඡන්දයක්.   පරම්පරාවෙන්  UNPකාරයින් මෙදා රනිල්ට විරුද්ධව  කෙසෙල් ඇවරියට ඡන්දය දෙන්න.  රනිල් ට බෑ. එයාගේ යාලුවන්ටත් බෑ. රනිල්ට කළේ එදා මෙදා තුර එජාප නායකයින් හැදූ දේ විනාශ කරන්න පමණයි.  

‘අපේ පක්ෂය‘ මේ රටේ මිනිස්සුන්ගේ පක්ෂයක් කරන්න නම් මුලින්ම ඒක රනිල්ගේ ගජමිතුරන්ගෙන් මුදාගත යුතුයි.  ඒ සදහා මුලින්ම රනිල් වික්‍ර‍මසිංහ ගෙදර යැවිය යුතුයි යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතා හබරාදූව පැවති රැස්වීමක දී පැවසීය.

"සිරිසේන කුරේ බියගම පැරදෙමින් සිටි රනිල් වික්‍ර‍මසිංහ කොළඹට ගෙනාවා.   ජෝෂප් මයිකල් - ජෝන් අමරතුංග තරම්වත් එදා ගම්පහ දිස්ත්‍රික්කයේ රනිල් ජනප්‍රිය නෑ.   ප්‍රේමදාස-කුරේ මහත්වරුන්ගේ ජයබිය මැදකොළඹ රනිල් ට දී මාස 4 න් නායක රනිල් සිරිසේන කුරේ කපා දැම්මා. 
  
රනිල්ගේ පාලනයේ පළමු වසර 5 දී සුසිල් මුණසිංහ, සරත් අමුණුගම, විමල් වික්‍ර‍මසිංහ, අනුර බැස්ටියන්, නන්ද මැතිව්, ඇතුළු එජාපයේ දැවැන්තයෝ 11 කට එජාපය අත ඇරළා යන්න වුණා.  කොටසක් ශ්‍රීලනිපයට ගියා. තවත් පිරිසක් ‘පුරවැසි පෙරමුණේ‘ බසයට නැග්ගා.  පක්ෂය පැරදුණා.   

රනිල් ගේ දෙවැනි වටයේ දී හඩ්සන් සමරසිංහ, නියතපාල, විජේපාල මෙන්ඩිස්,  ප්‍ර‍දීප් හපන්ගම,  ප්‍රේමරත්න ගුණසේකර, කළුතර රණවක, ගැමුණු අබේසුන්දර ලා කැපුවා.  මනාප තරගයේ දී තම ගජ මිතුරන් වෙනුවෙන් පාරම්පරික එජාප නායකයින් බිළි දුන්නා. 

නායක රනිල්ට අපේ පක්ෂය එජාපය දිනවන්න පුළුවන් වුණාද? නෑ............. දවසෙන් දවස අන්ත අගාධයකට ගෙන ගියා!

රනිල් ගේ තුන්වන වටයේ දී, කළුතර මහින්ද සමරසිංහ, රාජිත, ඉමිතියාස් එජාපයට නැති වුණා.  හේමකුමාර-ලක්ෂමන් යාපා බැන බැන යන්න ගියා. තවමත් එජාපයට ඒ වගේ කථිකයෝ නෑ.  2015 ඉමිතියාස්ට නාම යෝජනා දුන්නේ නෑ.  වරද පක්ෂයේ ද? නැත්තම් නායක රනිල්ගේ ද?   

සිව්වන වටයේ දී, රනිල් විසින් අතහැර  දමනු ලැබූයේ රෝහිත බෝගල්ලාගම, නියෝමාල්ලා ගියා.  රාජා සමරනායක ලා ගියා.  නෙවෙයි නායක රනිල් එළෙව්වා. එහෙම කියලා අද අපේ පක්ෂයට රැකගන්න කියලා ඇඩ්වටීස්මන්ට් දානවා.  

එජාප පාක්ෂිකයෝ පෙබරවාරි 10 රනිල්ගෙනුයි - එයාගේ ගජමිතුරන්ගෙනුයි පක්ෂය රැකගන්න එජාපයට ඡන්දය දිය යුතුයි!    

පස්වන වටයේ දී, නායක රනිල්ගේ ජය මිතුරා මිලින්ද මොරගොඩට රනිල් එපා වුණා.   ටිරෝන් ප්‍ර‍නාන්දු සැලසුම් සහගතව පරාජයට පත් කලා.  බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ගම්පහ ඕලිත ලා යන්නම ගියේය.  අනුර බණ්ඩාරනායක නැවත සිය සහෝදරිය චන්ද්‍රිකා සෙවනට ගියේය. කළුතර රණවක ට පවුල පවා නැති වුණා.  

2002 දී එජාප ආණ්ඩුව හැදුවේ විපක්ෂයෙන් ඇවිත්.   අවුරුදු දෙකයි.  2004 දී එස්.බී., ජී.එල්., කිරිඇල්ල ලා හදපු ආණ්ඩුව බිද වැටුණි.  හිරේ විලංගුවේ වැටුණි.  එජාපයට වැලේ වැල් නැති විය.  රනිල් එක තැන පල්විය.  

එජාපයේ ගජ මිතුරු උපදේශකයින්ගේ ලකුණවක් කා පාගමන් ආවා.  අපිත් එයා පස්සේ ඇවිද්දා.  අමුගෙඩිය කඩාගන්නට ගොස් ජනාධිපතිවරණය පරාජයට පත් විය.  එදා ඉදන් අද දක්වාම එජාපය පැරදුණා. වරද පක්ෂයේ නෙවෙයි. නායකයාගේ.  

එජාපයේ නියෝජ්‍ය නායකයා ඇතුළු 17 ක් මහින්දට එකතුවූයේ රටක්-ජාතියක් ගැන හැගීමක් නොතැබූ රනිල්ගේ වැඩ නිසයි.  රනිල් නිසා එජාපය විනාශයෙන් විනාශයට ගියා. 

2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් පස්සේ කුරුණෑගල ජොන්ස්ටන්, පක්ෂය හැර ගියේය.  ඉවසාගත නොහැකිම තැන මහියංගනය තනි අලියා ලක්ෂ්මන් සෙනෙවිරත්න පවා පක්ෂය දාලා ගියා.  ජනාධිපතිවරණයක් තරග කළ නොහැකි තැනකට එජාපය වැටුණි.  සරත් ෆොන්සේකා ජනාධිපතිකරන්නට කැදවාගෙන ආවේ ශිරාල් ලක්තිලක.  රනිල් ගේ උපදේශකයා ශිරාල්.  එයාටත් 2013 රනිල් එපා වුණා. 

ඊට පස්සේ, සෝභිත හාමුදුරුවෝ, සුමංගල හාමුදුරුවෝ, ශිරාල් ලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා කරලා එජාපයට බලය අරං දුන්නා.  අගමැති වෙලා දවස් 50 යි. මහ බැංකුවට ගජ මිතුරෝ ටික දුන්නා වැඩේ. 

කුරුණෑගල ජොන්ස්ටන්, ඉන්දික, ඩී.එම්.බණ්ඩාරනායක, අනුර ගොපල්ලව වැනි 2002 දිනපු අය රනිල් ගේ ශාපය නිසා පක්ෂය අතහැරියා.  

සුසන්ත පුංචිනිලමේ, මහින්ද රත්නතිලක එජාපය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සිටි මිනිසුන්ය. කෑගල්ලේ රුක්මන්, ජයතිලක පොඩිනිලමේ පමණක් නොව ආර්.ඒ.ඩී.සිරිසේන ලා රනිල් ගේ කරපිංචා න්‍යායට අහුවාණා.   ඒ.එල්.එම්.ෆාරුක් එජාප මුස්ලිම් නායකයා කපා දමනු ලැබූයේ කබීර් හෂීම් ට තැන දුන්නා. එයා මහ බැංකුවට වැඩේ දෙන්න සෙට් වුණා.

සිංහල-දෙමළ-ඉංග්‍රීසි භාෂා චතුර ලෙස හැසිරවූ අස්වර්ටත් එජාපය එපා වුණා.   සරත් කෝන්ගහගේ ලා යන්නම ගියේය.  අන්තිමට, 1977 සිට අඛණ්ඩව අම්පාර දිනු පී.දයාරත්න මහත්තයත් එජාපය දාලා ගියා.  
අද ඡන්දයේ ප්‍ර‍මුඛ අපේක්ෂකයෝ අසාද් සාලි, ධනසිරි අමරතුංග ලා හිටියේ එජාපයේ.  රනිල් ගේ ගජ මිතුරෝ නිසා ඒ සේරම ගියා. පක්ෂය පැරදුණා!  

එජාපයේ නායකයා වෙයි කිලයා බයවුන දයාසිරි ජයසේකර මුළු කුරුණෑගලම අරගෙන වයඹ පලාත් මහ ඇමති වෙලා ශ්‍රිලනිපට ගිය. දයාසිරි තමයි අද ඒ වේදිකාවේ ප්‍ර‍මුඛ කථිකයා.   රවීට ඉස්සරහින් දයාසිරි හිටියේ.  රනිල් රවී එක්ක එකතුවෙලා දයාසිරි කැපුවා.  රවී උප නායක වුණා. දැන් රවී කැපිලා  ජෝන් අමරතුංග උප නායක කරන්න හදනවා. 

මොණරාගල රංජිත් මද්දුම බණ්ඩාර ටිපෙක්ස් ගාලා මකන්න හැදුවා. රනිල් උස්සපු තිස්සකුට්ටිආරච්චි අද ඉන්නේ කොහෙද?  එයත් ගියා.  රනිල් එජාපය විනාශ කළේ මෙහෙමයි.  දැන් ඇඩ් දානවා පක්ෂය රැකගනිමු කියලා. පක්ෂය විනාශ කරපු නායකයාගෙන් තමයි පක්ෂය රැක ගත යුත්තේ. 

මැතිවරණ 28 ක් පැරදී සිටි රනිල් ට හුස්ම වැටුනේ 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍ර‍හණය කළ නිසයි.    පරාජයේ දී එජාපය සමග සිටි බොහෝ දෙනා කැපී ගියේය. අලුත් ගජ මිතුරන් සිංගප්පුරුවෙන්, එංගලන්තයෙන්, ඕස්ටේ්‍ර‍ලියාවෙන්, ඇමරිකාවෙන් ආනයනය කළා.  එක යාලුවෙක් බිලියන 12 ක් හොරකං කරල මහ බැංකුව කැඩුවා.  අනෙකා ශ්‍රීලංකන් බිලියන 28 ක් පාඩු කලා. දැන් කොමිසමක් දාලා තියෙනවා. 

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල, මාතලේ, පුත්තලම දිනාදුන් රවී සමරවීර, ඇළුවිහාරේ, රංගේ බණ්ඩාරලාට කැබිනට් ඇමතිකමක් ලැබුණේ නෑ.  කලාවැව අධිකාරි පවුල, හිනිදුම අමරසිරි පවුල, නිකවැරටිය වන්නිනායක පවුල, බදුල්ලේ සමරවීර ලා, මාතලේ අලුවිහාරේ ලා, රත්නපුර පුංචිනිලමේ ලා, කලවානේ පිලපිටියලා, කොළොන්නාවේ මල්ලිමාරච්චිලා, ආණමඩුවේ වඩිගමංගාවලා, මහියංගනයේ සෙනෙවිරත්නලා, කුරුණෑගල වෙලගෙදරලා, ඌවපරණගම කරුණාරත්නලා, හොරොව්පතානේ හුරුල්ලේ ලා, බේරුවල බාකීර් මාකර්ලා, ගම්පොල පැල්පොල ලා, හේවාහැට ඩැනියෙල් පරම්පරාව, කොත්මලේ රණතුංගලා, රත්නපුරේ ආටිගල UNP පරම්පරාවල් සේරම විනාශයි.  දැන් කවුද ආණ්ඩුවේ ඉන්නේ?  රෝයල් ගජමිතුරෝ ටික විතරයි.   

රනිල් ගේ අන්තිම බිල්ල 2020 අගමැති අඅපේක්ෂකයා වෙන්න හිටපු රවී කරුණානායක ය.  මොනවා වුනත්, රවී කරුණානායක පාක්ෂිකයාට සැලකුවා.  අද එයාව බැදුම්කරෙන් ගැලවෙන්නට බිල්ල දීලා.  ඒ බිල්ලේ කට්ටඩියා තිලක් මාරපන ය.  2004 අණ්ඩුව පැරදුනේ මලික්-මාරපන-චරිත රත්වත්තේ අශුද්ධ ත්‍රිත්වය නිසාය.  ඒ අශුද්ධ ත්‍රිත්වයම අද උප නායක රවී කරුණානායක විනාශ කරලා.  

පරම්පරාවෙන් යූඑන්පී කාරයින්ට රනිල්ට ඡන්දය දෙන්න බෑ.  රනිල් විනාශ කළ යූඑන්පී පරම්පරා 20-25 ක් මතක් වෙනවා.  රනිල් අවුරුදු 23 ක්  යූඑන්පීයේ අභිමානය විනාශ කලා.  මේ සැරේ පරම්පරා පෙන්නලා තවත් අවුරුදු 7 ක් රනිල් ඉන්නවා හදනවා.  පරම්පරාවෙන් යූඑන්පී නම් ඉස්සරවෙලාම පක්ෂය බේරාගන්න.  ඊට පස්සේ දිනුවත් - පැරදුනත් එජාපාක්ෂිකයින්ට අභිමානයෙන් ඉන්න පුළුවන්.  ඔබේ ඡන්දය කෙහෙල් ඇවරියට ලබා දෙන්න. එජාපයේ ප්‍ර‍තිපත්ති තියෙන්නේ එතැන මිසක් රනිල් ලග නොවෙයි." 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී ගුණරත්න රනිල්ට කියන දේ.
මෛත්‍රී ගුණරත්න රනිල්ට කියන දේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_YrNg6HheEq0KV2OrmAhm8I96Ko97-Rp9mLyadB4NSs-PfuuYbPj8lsFCrZl3lqyGwefaM2gIwqTCutl_ryK9A8lvRSToe77hCmOXDkEm-ANJ9-NQLmnlV_nCbrHcx4d1LG2XcDsO2Teo/s1600/Ranil-W1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_YrNg6HheEq0KV2OrmAhm8I96Ko97-Rp9mLyadB4NSs-PfuuYbPj8lsFCrZl3lqyGwefaM2gIwqTCutl_ryK9A8lvRSToe77hCmOXDkEm-ANJ9-NQLmnlV_nCbrHcx4d1LG2XcDsO2Teo/s72-c/Ranil-W1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy