දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්
Homeප්‍රවෘත්ති

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

PropellerAds

ජනාධිපතිවරයා විකට ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කොට ඇති බවටත් එමඟින් මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය ද අයත් වන නීතිය හා සාමය අමාත්‍යාං...

ලෝකයේ පැරණිම ‘සුනාමි හිස් කබල’ සොයා ගැනේ.
කෝටි 26ක බුරුම අලියා සමඟ අලි හොරකම් පෙරහැරක් !
පොලිතින් මිල ඉහළට
මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

ජනාධිපතිවරයා විකට ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කොට ඇති බවටත් එමඟින් මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය ද අයත් වන නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම හොරා කා පැන යන බළලකුට උම්බලකඩ පොල්ලකින් පහර දීමකට සමාන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා චෝදනා කර සිටියි.

අද (26) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මැතිවරණ ප්‍රතිඵලයෙන් හිරි වැටිලා ‘කළ යුත්තේ කුමක්ද?’ කියා නිනව් නැතිව සිටි ආණ්ඩුව ‘කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා’ වගේ ඊයේ (25) මහා විකට ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ විකට ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසුව ජනතාව, ‘බඩ අල්ලාගෙන හිනා වෙනවාද? වෙනත් යමක් කරනවාද?’ කියා අද සිතමින් ඉන්නවා.

මැතිවරණ සමයේ ‘අගමැතිතුමනි මට හොරු අල්ලන්න ශක්තිය දෙන්න’ කියා ඉල්ලපු ඒ වගේම ඒ දිනවල ‘එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය දින විස්සක් යන කොට හොරකම් කරන්න පටන් ගත්තා. බැදුම්කර හොරුත් එක්ක මට ආයේ ආණ්ඩුවක් කරන්න බැහැ’ කියා කියපු ජනාධිපතිවරයා අවසානයේ යන්තම් 13%ක එජාප විරෝධී ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. නමුත් එවැනි රඟපෑමක නිරත වූ ජනාධිතිවරයා ඊයේ (25) ඇමති මණ්ඩල සංශෝධනයෙන් සිදු කළේ කුමක්ද? මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය සමඟ නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම. මැතිවරණ දිනවල ජනාධිපතිවරයා කරපු, කියපු දේවල් එක්ක ජනතාව හිතුවේ මැතිවරණයෙන් පස්සේ මහබැංකු මහා කොල්ලයේ මහ මොළකරුව අත්අඩංගුවට ගන්න කියා ‘පොලිසියට නියෝග දෙයි’ කියලයි. නමුත් දැන් වෙලා තියෙන්නේ, හොරා කාලා පැනලා යන පූසකුට උම්බලකඩ පොල්ලකින් ගහනවා වගේ’ වැඩක්.

‘අලි මදිවට හරක්’

මහ බැංකු මහා කොල්ලය කියන්නේ දකුණු ආසියාව තුළ සිදු වූ බරපතළම මූල්‍ය වංචාවයි. එවැනි මූල්‍ය වංචාවක් සිදුකොට රටේ ආර්ථිකය කාබාසිනියා කළ බවට එජාපයට චෝදනා කරලා තමයි ජනාධිපතිවරයා මෙතරම් හෝ එජාප විරෝධී ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ. එහෙම ඡන්ද අරන් අන්තිමේ දී එක්සත් ජාතික පක්ෂයත් සමඟ ඉදිරියට යන්න තීරණය කරලා ‘අලි මදිවට හරක් කිව්වා වගේ’ පොලිසියත් එක්සත් ජාතික පක්ෂයට භාර දෙමින් ජනාධිපතිවරයා රඟ දක්වමින් සිටින්නේ කවර ජවනිකා ද? මෙවැනි උසුළු විසුළු කරමින් මේ රටට ඉදිරියට යන්න පුළුවන් ද? දැන් බලන්න සාගල රත්නායකට භාර දුන්නා තරුණ කටයුතු අමාත්‍යාංශය. ඒක හරියට ‘නරියට කුකුල්ලු බාර දුන්නා වගේ’ නොවෙයි ද? මේ අය මේ රටත් එක්ක නේද මේ විදියට සෙල්ලම් කරන්නේ? මේ සංශෝධනවලට අද එක්සත් ජාතික පක්ෂයේම මැති ඇමතිවරුන් සිනහ වෙනවා. ඒ නිසා දැන්වත් මේ විකට ජවනිකා නතර කර, තම ධුරවලින් ඉල්ලා අස් වී සැබෑ ජන වරමකට ඉඩකඩ සලසන ලෙස අපි අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

‘රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට’

ඒත් මේ සුළුතර ජන බලයක් නොමැති ආණ්ඩුව තවමත් රටට හතුරු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අතහැර නැහැ. තවමත් මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන එට්කා ගිවිසුම අත්සන් කරන්න හදනවා. ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය මුළුමනින්ම ඉන්දියාවට විවෘත කර දෙන මේ වෙළඳ ගිවිසුම අත්සන් කරන්නත් කලින් ශ්‍රී ලංකාවේ රෝහල්වල රෙදි ටික සෝදන එක ඉන්දියානු සමාගමකට භාර දී තිබෙනවා. මේ රටේ දහස් සංඛ්‍යාත පිරිසක් රෝහල්වල රෙදි සේදීම ආශ්‍රිත කර්මාන්තයෙන් තමන්ගේ ජීවිකාව පවත්වාගෙන ගියා. දේශීය සමාගම් විසින් මෙතෙක් කලක් රජයේ රෝහල්වල රෙදි සෝදා, මැද දීම නියමිත ප්‍රමිතියට හා නියමිත ක්‍රියාපටිපාටියට අනුව මැනවින් ඉටු කර දුන්නා. ඔවුන් ඒ කටයුත්ත නිසි අයුරින් ඉටු නොකරන බවට කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් වී නැහැ. එසේ තිබියදී තමයි, තමන්ට කුට්ටියක් ලැබෙන නිසා රෝහල්වල රෙදි සේදීම ඉන්දීය සමාගමකට පවරා දෙන්නේ. අද එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප්‍රථම එහි ඇතැම් වගන්ති මේ ආකාරයට මේ සුළුතර, ජන බලයක් නොමැති ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. තව ටික දිනකින් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ටිකත් එහෙට මෙහෙට වේවි. ඒ නිසා අපි මේ සුළුතර ජන බලයක් නැති ආණ්ඩුවට බල කර කියා සිටිනවා, 'මේ ජනතා විරෝධී තීන්දුව වහා හකුළා ගන්න’ කියා.

‘සක්‍රීය බැරකම් කළමනාකරණය...’

ඒ වගේම මේ වනවිට ‘සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත’ නමින් පනත් කෙටුම්පතක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පනත් කෙටුම්පත සම්මත වුණොත් ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් 10%ක මුදලක්, අගමැතිවරයාට කැමති පොලියකට, කැමති හෙට්ටියකුගෙන් ණයට ගැනීමට බලය ලැබෙනවා. මේ රටේ සමස්ත ණය බර රුපියල් බිලියන 10,000 නම් ඉන් 10%ක්, එනම් රුපියල් බිලියන 1000ක් ණයට ගැනීමට මෙමගින් අගමැතිවරයාට බලය ලැබෙනවා. මේ අතිවිශාල මුදල කැමති තැනකින්, කැමති පොලියකට ගැනීමේදී යම් අඩුපාඩුවක් සිදුව ඇතොත් ජනතාවට ඊට එරෙහිව සිවිල් හෝ අපරාධ අධිකරණයකට යෑමේ අයිතිය මෙම පනත මගින් අහුරා තිබෙනවා. අගමැතිට පමණක් නොවෙයි, ඊට සම්බන්ධවන නිලධාරීන්ට විරුද්ධව ද නීතිමය පියවර ගැනීමේ ඉඩකඩ මේ පනත මගින් අහුරා තිබෙනවා. මේ නව නීතිය මගින් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු මූල්‍ය නීති ගණනාවක් නොතකා ණය ගැනීමේ බලය ලැජ්ජා බය නැති අගමැතිට ලබා දෙනවා. බැඳුම්කර මගින් රුපියල් බිලියන 10ක් ලබා ගැනීමේ දී සිදු කළ මහා මූල්‍ය වංචාව තමයි අද අපේ රටේ ආර්ථිකය කාබාසිනියා කර ඇත්තේ. මෙවැනි නීතිමය රැකවරණයක් නොමැති නිසයි, අර්ජුන් මහේන්ද්‍රන්ලාට, අර්ජුන ඇලෝසියස්ලාට එරෙහිව මේ තරමින් හෝ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මෙවැනි පනතක් සම්මත වුණොත් මේ සිද්ධිගත බැඳුම්කර වංචාව වගේ සියගුණයක මූල්‍ය වංචාවන් සිදු කිරීමට ලැජ්ජා බය නැති අගමැතිවරයාට සහ ඔහුගේ ගජමිතුරු ටයිකෝට් හොර නඩයට ඉඩකඩ ලැබෙනවා. ඒ තක්කඩි වැඬේට එරෙහිව අපේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා විසින් අද දිනයේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා. ඒ පිළිබඳවත් මේ මොහොතේ දී සිහිපත් කරනවා.

විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ, අගමැතිවරයාට පොලිසිය භාර දුන්නා. ඒ කියන්නේ බැඳුම්කර හොරුන්ට මෙතැනින් එහාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට බන්ධනාගාර රාජ්‍ය ඇමතිකම ෆුට්නෝට් කල්ලියේ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාට ලබා දී තිබෙනවා. එතුමා අර්ජුන ඇලෝසියස්ලාව හොඳට බලා ගනීවි බන්ධනාගාර රාජ්‍ය ඇමැතිවරයා විදිහට. මෙතෙක් කලක් මේ ආණ්ඩුව දිව්වේ, පොලිසිය, බන්ධනාගාර බස් එක, බන්ධනාගාරය හා උසාවිය පෙන්වමින්. දැන් පොලිසියත් අගමැතිගේ. බන්ධනාගාරයත් අජිත් පී. පෙරේරාගේ. උසාවියත් කාට දෙයිද දන්නෙ නැහැ. කොහොම වුණත් ඒ පරණ ජවනිකා ටික පෙන්වනවා හැර මේ අයට කරන්න වෙන වැඩක් නැහැ. ඒ නිසා රටේ අනාගත පරපුරේ කාලය කාබාසිනියා නොකර දැන්වත් ගෙදර යන්න, කියා අපි නැවතත් මේ ‘යහපාලන’ නඩයෙන් ඉල්ලා සිටිනවා” යැයිද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්
මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්
http://am.lk/media/k2/items/cache/497db4a2788218bb62b6a0551c7273c3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_199.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_199.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy