පැපුවා නිව්ගිනියාවේ අයිතාපේ වෙරළබඩ නගරයෙන් සොයාගත් නිසා විද්‍යාඥයන් මෙය නම් කර තිබෙන්නේ ‘අයිතාපේ හිස්කබල’ හෙවත් ‘අයිතාපේ කපාලය’ යනුවෙනි...
පැපුවා නිව්ගිනියාවේ අයිතාපේ වෙරළබඩ නගරයෙන් සොයාගත් නිසා විද්‍යාඥයන් මෙය නම් කර තිබෙන්නේ ‘අයිතාපේ හිස්කබල’ හෙවත් ‘අයිතාපේ කපාලය’ යනුවෙනි.
මෙහි හිමිකරුගේ සොහොන ද සුනාමි රළ පහරට හසුව සෝදාගෙන යන්නට ඇතැයි සැලකේ. එසේ නැතිනම් ඔහු සුනාමි රළ පහරට හසුව ගිලී ගිය අයෙකු වන්නට ද පුළුවන. වසර හයදහසකට පෙර යුගයේ පැපුවා නිව්ගිනියාවේ මුහුදු රළ මට්ටම අද පවතින මට්ටමට වඩා බෙහෙවින් උස් අගයක පවතින්නට ඇතැයි ද සැලකේ.
මෙම පැරණිම සුනාමි හිස් කබල පුරා විද්‍යාත්මක කැණීම්වලින් මුලින්ම සොයාගත්තේ 1929 වසරේදී ඔස්ටේ්‍රලියානු ජාතික භූ විද්‍යාඥයෙක් වන පෝල් එස්. හොස්ෆෙල්ඩ් විසිනි. මුලින් ඔහු අනුමාන කළේ මෙම හිස් කබල ප්‍රාග් ඓතිහාසික යුගයට අයත්, අප්‍රිකාව නිජබිම් කරගත් හෝමෝ ඉරෙක්ටස් මානවයාට අයත් බවයි. නමුත් රේඩියෝ කාබන් කාල නිර්ණය අනුව පෙනී ගියේ එම හිස්කබල ප්‍රාග් ඓතිහාසික යුගයට වඩා අඩු වයස් එකක් බව ය.
එතැන් පටන් මේ දක්වාම විද්‍යාඥයෝ සහ මානව විද්‍යාඥයෝ මෙහි අබිරහස නිරාකරණය කර ගැනීමට වෙහෙසුණහ. ඔවුන්ට පිළිගත හැකි පිළිතුරක් ලබාදෙමින් මෙය ලෝකයේ පැරණිතම සුනාමි හිස් කබල බවට නිගමනය කෙරුණේ, හොස්ෆෙල්ඩ් විසින් මෙම හිස්කබල සොයාගත් ස්ථානයේ පස් තට්ටුවල පිහිටීම වැඩිදුරටත් පරීක්ෂා කිරීම මගිනි. එහිදී අවසාධිත පාෂාණ තට්ටුවල පිහිටීමෙන් නිගමනය කෙරී ඇත්තේ වසර 6000කට පෙර අයිතාපේ හි ජීවත් වූ මානවයන් දරුණු සුනාමි උවදුරකට මුහුණ දී තිබූ බවයි.
මේ කාලයේ පැපුවා නිව්ගිනියාවේ උතුරුදිග අයිතාපේ ආශ්‍රිත වෙරළ තීරය ධීවර සම්පතින් අනූන එකක් බව ද සොයාගෙන තිබේ. එයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දීප්තිමත් හිරු රැසින් පෝෂණය ලබන සාගර පරිසර පද්ධතියයි. මේ අනුව නිගමනය කෙරෙන්නේ සුනාමි උවදුර තිබියදී පවා මෙම ප්‍රදේශය ජනාකීර්ණ ව පවතින්නට ඇති බවයි.
පැපුවා නිව්ගිනියාව භූ විද්‍යාත්මක පිහිටීම අතින් භූතැටි චලනය වන කලාපයක පිහිටා තිබෙන නිසා එහි සුනාමි සහ භූමි කම්පා බහුල ය. වඩාත්ම මෑත කාලයේ, එනම් 1998 වසරේදී පැපුවා නිව්ගිනියාව සුනාමි ව්‍යසනයට මුහුණ දුන් අතර එහිදී 30 000 කට අධික පිරිසක් මරණයට පත්වූහ. එවර වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණේ ද මෙම හිස් කබල සොයාගත් අයිතාපේ නගරයෙනි. 2016 වසරේද රික්ටර් ඒකක 7.9 ක භූමි කම්පාවක් පැපුවා නිව්ගිනියාව ආශ්‍රිතව වාර්තා විය.
- අමාලි ජයවීර
COMMENTS