විවෘත වෙළෙඳපොළ අලියෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 10 - 15 ලෙස පැවතියදී දළදා මාලිගාව වෙනුවෙන් කටයුතු කළ අය රුපියල් 261,592,500 ක මුදලක් බුරුමය...
විවෘත වෙළෙඳපොළ අලියෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 10 - 15 ලෙස පැවතියදී දළදා මාලිගාව වෙනුවෙන් කටයුතු කළ අය රුපියල් 261,592,500 ක මුදලක් බුරුමයෙන් ආනයනය කළ අලියාගේ වටිනාකම ලෙස වංචනිකව පෙන්වා ඒ තරම් විශාල මුදලක් විදේශ විනිමය වශයෙන් වංචාකාරී ලෙස විදේශගතකර ඇති බවත් එමඟින් එම තැනැත්නා විදේශ විනිමය රෙගුලාසි සහ රේගු නීති මෙන්ම ශ්‍රී ලංකා දණ්ඩනීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට පෙනී යන බවත් විශ‍්‍රාමික විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
2016-05-25 දිනැතිව විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයා නිකුත්කර ඇමැති වාර්තාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇති අතර මෙම වංචනික ක‍්‍රියාව සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ද පෙන්වා දී ඇත.
මේ අතර දළදා මාලිගාවට අයත් උඩවත්ත සහ මල්නයිදෙගේ හේන නැමැති අක්කර නවයක ඉඩම ඉඩම් ඔප්පු දෙකකින් රුපියල් 92,870,000 කට සින්නක්කර ඔප්පු මඟින් විකුණා ඇතැයි නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත. පොලිසිය කරන ලද විමර්ශනවලදී මෙම වංචනික ක‍්‍රියාව පිළිබඳ සුලමුල සොයාගෙන විහාර දේවාලගම් ආඥාපනතට අනුව මෙම ඉඩම් විකිණිය හැකි නමුත් ඒවා ප‍්‍රවේණි ඉඩම් ලෙස ඉඩම් ඔප්පුවල සඳහන්විය යුතුය. ඉඩම මිලදී ගන්නන් දළදා මාලිගාවේ රාජකාරිවලට යටත් බව විකුණුම් ඔප්පුවල සඳහන් විය යුතුය. ඒ සියල්ල සඟවා ඉඩම් විකිණීමේ පාර්ශ්වකරුවෙකු ලෙස දියවඩන නිලමේවරයා ඔප්පුවල අත්සන්කර ඇත. ඉඩම් විකිණීමෙන් රු. 92,870,000 ක ආදායමක් ලබා ඇතත් මේ මුදල් ප‍්‍රමාණයෙන් දළදා මාලිගාවේ ගිණුම්වලට ඇතුළත් කර ඇත්තේ රුපියල් 730,000ක මුදලකි. ඉඩම්වල සත්‍ය වටිනාකම සඟවා කරන ලද වංචනික ක‍්‍රියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත බී 34983/ 2015 සහ 2015-05-29 දිනැතිව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර මේ ආකාරයේ අලි මිලදි ගැනීම් වලදි සහ විකිණීමේදි සිදුකළ මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS