අපවත් වී වදාල මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අද දිනයේ ද විශාල පිරිසක් සහභාගී වී තිබේ. බෙල්ලන්ව...
අපවත් වී වදාල මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අද දිනයේ ද විශාල පිරිසක් සහභාගී වී තිබේ.
බෙල්ලන්විල රජ මහා විහාරය අසල දිගු පෝලිමක් දක්නට ලැබෙන බවද පෙරේදා සහ ඊයේ දිනයේද දහස් ගණනින් ජනතාව නාහිමි දේශයට ගෞරව දැක්වීමට පැමිණි බවද වාර්තා වේ.
බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් සංවේගය පළ කිරීම සඳහා සෑම නිවසකම, රාජ්‍ය ආයතනයකම, වෙළෙඳ ආයතන හා රථවාහන වල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කිරිමට නියමිතය.
COMMENTS