ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් එළඹෙන 14 වැනිදා සිට දිනප...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් එළඹෙන 14 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇත.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවා ඇත.
පසුගිය රජයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හිඳිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කර මැදමුලන ඩී ඒ රාජපක්ෂ ස්මාරක ඉදිකලේ යයි එල්ල වී ඇති චෝදනාව මත මෙම නඩුව කැදවා ඇත.
14දා සිට දිනපතා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඒ අනුව රාජපක්ෂ මහතාට සිදුවන අතර එනිසා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ වැඩි කාලයක් ඒ සදහා වෙන් කිරීමට සිදුව තිබේ.

COMMENTS