දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප දඹුල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිප දඹුල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල ආසන සංවිධායක යු .ආර්.දයා නන්දසිරි මහතා සිය ආසන සංවිධායක ධුරයෙන් අද (16) දින සිට ඉල්ලා අස් වූ බව ලංකා නිදහස් ...

නියඟයට මුහුණ දෙන්න UN සහාය
බන්දුල පුදුම වෙයි - මහින්දගේ ගිවිසුමක් මාධ්‍යවේදීයා අතටම දෙයි
සීමා නීර්ණ වාර්තාව ඇමතිට බාරදෙයි
ශ්‍රීලනිප දඹුල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල ආසන සංවිධායක යු .ආර්.දයා නන්දසිරි මහතා සිය ආසන සංවිධායක ධුරයෙන් අද (16) දින සිට ඉල්ලා අස් වූ බව ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම්දී සිටියේ ය.

දඹුල්ල සිය කාර්යාලයේදී අද (16) දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දයා නන්දසිරි මහතා මේ බව දැනුම් දුන්නේය.

වසරකට වැඩි කාලයක් තමන් ආසන සංවිධායක ධුරය දැරූ බවත් තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරමින් ජනතාවට විශාල සේවාවක් ඉටු කළ ද සංවිධායක ධූරය හරහා තමන්ට කිසිදු සේවයක් ජනතාවට ඉටුකර දීමට අවස්ථාව ලබා නොදීමත් මෙවර වර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා ලැබුණු මන්ත්‍රී ධුර තමන් නම් කර යැවූ අය ඉවත් කොට වෙනත් කණ්ඩායම් පත් කිරීම ආදි කරුණු මෙම ඉල්ලා අස් වීමට බලපා ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කල ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉවත් කොට නව සංවිධායක ලෙස දයා නන්දසිරි මහතා පත් කළේය .ඔහු ව්‍යාපාරිකයෙකි .

තමන් ඉදිරියට ජනතාව සමඟ ව්‍යාපාරිකයෙකු ලෙස සුපුරුදු පරිදි ජීවත් වන බවත් සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ කෘෂිර්මික ප්‍රදේශයක් වන මාගේ ආසනයේ පුරන් වී ඇති වැව් ප්‍රතිසංස්කරණයට මුදල් ඉල්ලා සිටි නමුත් ඒවාද මෙතෙක් නොලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඒවා ක්‍රියාත්මක කරති.

සංවර්ධන යෝජනා රැසක් මා ඉදිරිපත් කළ නමුත් කිසිදු යෝජනාවක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත. එවැනි කරුණු කාරණා නිසා අප බලවත් අපහසුතාවයට පත්ව සිටින්නේමු. මා පක්ෂයෙන් ඉවත් නොවී පාක්ෂිකයෙකු ලෙස ඉදිරියටත් ඔබතුමා සමග සිටින අතර ඔබතුමාගේ සංකල්පය සහ යහපත් නීතිගරුක පාලනය හා රට මෙහෙයවන ආකාරය ගැන මගේ පැහැදීමක් ඇත.

නමුත් පොදුවේ පක්ෂයෙන් ආසනයේ ජනතාවට කිසිදු දෙයක් නොලැබෙන නිසාත් දඹුල්ල සෑම රජයේ ආයතන එකම නිලධාරීන් ක්‍රියා කරන ආකාරය ඉතා කණගාටුදායක බවත් මේ ගැටලු මට මෙන්ම අනෙකුත් ආසන සංවිධායකවරුන්ට ඇතැයි මා සිතමි.

එසේම ආසනයේ ජනතාව අපෙන් නගන ප්‍රශ්න වලට උත්තර නොමැති තරම්ය. මෙම කරුණු කාරණා නිසා පාරේ බැස යා නොහැකි තත්ත්වයකට අප පත්ව සිටින්නේ. මේ නිසා මා දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයෙන් අද සිට ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.

දයා නන්දසිරි මහතා අස්වීමේ ලිපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මාතලේ දිස්ත්‍රික් නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්ම මහත්මීන්ට මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද යවා තිබේ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප දඹුල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි
ශ්‍රීලනිප දඹුල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි
http://am.lk/media/k2/items/cache/e5e835254a3b76916c9e26edb4b5302d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_192.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_192.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy