දේශපාලනයෙන් මිදී කටයුතු කිරිමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අනෙකුත් ක්ෂේත...
දේශපාලනයෙන් මිදී කටයුතු කිරිමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අනෙකුත් ක්ෂේත්‍රයන් මෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කළ නොහැකි බවයි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියේ නිලධාරීන් 150 දෙනෙකුට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ii ශ්‍රේණියට උසස්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටේම අනාගතය රඳා පවතින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බැවින් තමා දශමයක හෝ දේශපාලනය අධ්‍යාපනයට යොදවා ගෙන නොමැති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190 වෙන්න පුළුවන්. අධ්‍යාපන පරිපාලන සේවාවේ 852 වෙන්න පුළුවන්, විදුහල්පතිවරු 3 වන ශ්‍රේණියේ 4000 වෙන්න පුළුවන්. මම නම් දශමයක්වත් දේශපාලනය දාලා නැහැ. දේශපාලනයෙන් අපි ගන්න කටයුතු කළේ නැහැ. මේ පද්ධතිය වෙන එකක් වගේ නෙවෙයි මේ අධ්‍යාපන පද්ධතිය රටේම අනාගතය තීරණය වෙන්නේ අධ්‍යාපනයෙන්. එතකොට මේකේ දක්ෂයෝ සුදුස්සෝ මන් හිතන්නේ අපිට විරුද්ධ කණ්ඩායමක වෙන්න පුළුවන්, සමහරවිට එල්.ටී.ටී.ඊ සංවිධානයේ වෙන්න පුළුවන්. ඒත් හොඳ කෙනා නම් ඒ කෙනා අරගෙන අපේ රට අනාගතයට ගෙන යන්න ඒ වගකීම දෙන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි අපි ගොඩ එන්නේ. ඒ නිසා අපේ අදහස පෙරදැරි කරගෙන තමයි අපි ඒ කටයුත්ත කරන්නේ.”
COMMENTS