2009 වසරේ සිට මේ දක්වා යුධ හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල භාවිත කළ ඉඩම්වලින් සියයට 76 ක් නැවත මේ වන විට බාර දී ඇති බව යුධ හමුදාපති ලුතිනන...
2009 වසරේ සිට මේ දක්වා යුධ හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල භාවිත කළ ඉඩම්වලින් සියයට 76 ක් නැවත මේ වන විට බාර දී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වව්නියාවේදී පැවසීය.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිකළ නව කාර්යාල සංකීර්ණය හා භට පිරිස්වල නව භෝජනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුධ හමුදාපතිවරයා එලෙස පැවසුවේය.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව කාර්යාලය සංකීර්ණය රුපියල් මිලියන 20 ක මුදලින් සකස් කොට තිබු අතර භට පිරිස්වල නව භෝජනාගාරය රුපියල් මිලියන 14 ක මුදලින් යුතුව ඉදිකොට තිබිණ.
වැඩසටහන් අවස්ථාවේදී යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ මේ වසරේදීද අක්කර පන්සිය ගණනක් පෞද්ගලික අයිතිකරුවන් වෙත පවරාදීමට හදුනාගෙන ඇති බවයි.
යුධ හමුදාව අදාළ ඉඩම් ප්‍රදේශයේ දිසාපතිවරයා වෙත නිදහස් කරන අතර, දිසාපතිවරයා හරහා අදාළ ඉඩම් පෞද්ගලික හිමිකරුවන් වෙත ලබාදීම සිදුකරන බවද හෙතෙම පැවසීය.
යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ මුලතිව් දිස්ත්‍රික්කයේ උපවාසකරුවන්ගේ පිරිසගේ ඉඩම් නිදහස් කොට ඇති අතර, අදාළ ඉඩම්වල නිවාස පවා සකස් කොට ලබාදි ඇති බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS