දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ බැංකුවේ තීරණවලට දේශපාලන බලපෑම්
Homeප්‍රවෘත්ති

මහ බැංකුවේ තීරණවලට දේශපාලන බලපෑම්

PropellerAds

සේවයෙන් ඉවත් කළ බව සඳහන් වන ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා බැංකු අධීක්ෂණ ක්‍රියාවලිය විහිලුවට ලක් කරමින් තවද...

රනිල්, සජිත් හා කරූගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරයි !
මධූෂ් ගස්සපු ගේම් කීපයක් ලීක් වෙලා !
අක්මීමන පාසැලේ වෙඩි තැබූ හමුදා සෙබලා අත්අඩංගුවට !
මහ බැංකුවේ තීරණවලට දේශපාලන බලපෑම්

සේවයෙන් ඉවත් කළ බව සඳහන් වන ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා බැංකු අධීක්ෂණ ක්‍රියාවලිය විහිලුවට ලක් කරමින් තවදුරටත් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වෙමින් සිටින බවට දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

මීට පෙර අවස්ථා තුනකදී ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සේවයෙන් ඉවත් කල බවට වාර්තා පළ වූ බවත් වහාම සේවයෙන් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු තවදුරටත් බැංකුවේ කටයුතු සඳහා බලපෑම් කරමින් සිටින බවත් එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කළ ද, බැංකු පද්ධතිය තුළ තවදුරටත් දේශපාලන මාෆියාවක් ක්‍රියාත්මක වන බව මෙම සිදුවීමෙන් තවදුරටත් පැහැදිලි වන බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි. මෙරට බැංකු පද්ධතිය සඳහා යහ පාලන සංකල්පය ආදේශ කිරීමට වත්මන් රජය අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවද එම පෙරමුණ පෙන්වා දෙයි.

ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ලසන්ත ගුණවර්ධන මහතා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා වශයෙන් පිළිගනු ලබන යෝග්‍යතා සහතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර නොමැති බවයි. අදාල තනතුර සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සලකා බලන සුදුසුකම් ලසන්ත ගුණවර්ධන මහතා සපුරා නොමැති බවද හේවාවිතාරණ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර පසුගිය මාර්තු 23 වනදා ප්‍රකාශයට පත්කළ කෝප් කමිටු වාර්තාව මඟින්ද ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා මැදිහත්වූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව හෙළිදරව් කර තිබේ. ණය ලබාදීමේදී සභාපතිවරයා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව එහි සඳහන් වෙයි. අක්‍රිය ණය අනුපාතය 39% ක තරම් ඉහළ අගයක පැවතියද  එය වෙනස් කිරීමට සභාපතිවරයා කටයුතු කර නොමැති බවටත් කෝප් වාර්තාව මඟින් අණාවරණ කර තිබේ. ගණුදෙනුකරුවන්ට ණය ලබාදීමේදී සභාපතිවරයාට අවශ්‍ය පරිදි පොලී අනුපාත තීරණය කර ඇති බවටද කෝප් වාර්තාවේ දැක්වෙයි. එමෙන්ම 2015 ජනවාරි 1 වනදා සිට 2016 මාර්තු 03 වනදා දක්වා නියමිත සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් 64ක් බැංකුවේ සේවයට බඳවාගෙන ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණ නොතකා දේශපාලන බලාධිකාරිය විසින් තම අභිමතය පරිදි මෙරට බැංකු පද්ධතිය මෙහෙයවීමේ  භයානක පෙරනිමිති ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ අර්බුධය තුළින් මැනවින් පැහැදිලි වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධික්ෂණ  දෙපාර්තමේන්තුවේ තීරණ වලට පටහැනිව කටයුතු කිරීමෙන් ඉවත් වන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඇතුළු දේශපාලන නායකත්වයෙන් දුෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ බැංකුවේ තීරණවලට දේශපාලන බලපෑම්
මහ බැංකුවේ තීරණවලට දේශපාලන බලපෑම්
http://ift.tt/2cecGjN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_448.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_448.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy