කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව ගුවන්තොටුපළ වාර්තා සඳහන් කරයි. අද (...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව ගුවන්තොටුපළ වාර්තා සඳහන් කරයි.
අද (09) සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් අමතර රාජකාරිවලින් ඉවත්විමේ තීරණයක් ගෙන තිබුණු අතර ඔවුන් කියාසිටියේ තම දෛනික රාජකාරීවලින් බැහැරව කිසිදු කාර්යයක් සිදු නොකරන බවයි.
ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ ගුවන් නියමුවන් සම්බන්ධයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය පරීක්ෂාව නියමිත ක්‍රමවේදයකින් සහ විධිමත්ව ඉටු නොවීමට විරුද්ධත්වය පළ කරමිනි.
මෙම අකුරට වැඩ කිරීමේ තීරණයට හේතුව පසුගියදා බීමතින් සිටි බවට චෝදනා ලැබූ ගුවන් නියමුවා සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණය නොවන බව ඔවුන් කියාසිටී.
ඔවුන් පෙන්වා දෙන්නේ යම් චෝදනාවක් ලැබූ ගුවන් නියමුවෙක් වෙතොත් විධිමත් පරික්ෂණක් සිදු කිරීමට පුහුණුව ලැබූ නිළධාරින් කටයුතු කළ යුතු බවයි.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ 10%ත් 15% ත් අතර ගුවන් නියමුවන්ගේ හිඟයක් පවතින බව ද ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය පෙන්වාදෙයි.
COMMENTS