කොළඹ නගරයේ විශාල වෙනසක් ඉදිරි අවුරුදු හතරේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි....
කොළඹ නගරයේ විශාල වෙනසක් ඉදිරි අවුරුදු හතරේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති නිලධාරී හමුවකදී ය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “අපි විශාල වෙනසක් ඉදිරි අවුරුදු හතරේදී කොළඹ නගරයේ සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ගොඩනැගෙමින් තිබෙන මූල්‍ය නගරයට යාබදව බේරේ වැව වටේ ප‍්‍රදේශය හා එහි ජල කදම්භය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා, පැල්පත්වාසීන් ඉවත් කර ඒ අයට වෙනම නිවාස ඉදිකොට, බස්නාහිර මහා නගරයේ ප‍්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කරනවා. කොටුව දුම්රිය ස්ථානය, වරාය හා ප‍්‍රධාන බස්නැවතුම යා කරන, ප‍්‍රධානතම ප‍්‍රවාහන මධ්‍යස්ථානය හා තවත් ප‍්‍රවාහන මධ්‍යස්ථාන 05 ක් සමග සම්බන්ධ කරනවා. බස්නාහිර පළාතේ ප‍්‍රධාන මාර්ග, හයිලෙවල් මාර්ගය, මීගමු මාර්ගය, ගාලූ පාර, හොරණ පාර, යන මාර්ග යා කරන ප‍්‍රවාහන මධ්‍යස්ථානය සමග කරන්නත් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා.
බේරේ වැව වටේ ප‍්‍රදේශයට, අපේ එකම වාණිජ මධ්‍යස්ථානයක් හැටියට ව්‍යවසායකයන්ට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දැනට දුම්රිය ස්ථානයේ සිට, ශාන්ත බස්තියම පාරේ, පුද්ගලික බස්නැවතුම දක්වා කොටස, චාර්මස් ධාන්‍යාගාර ප‍්‍රදේශය, පීපල්ස් පාර්ක් ප‍්‍රදේශය යා කරන ප‍්‍රධාන මධ්‍යස්ථානය සමග ජනතාවට සේවා සපයන ස්ථානයක් බවට පත් කරනවා.“ යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.
COMMENTS