එළැඹෙන 2020 ජනාධිපතිවරණයේ දී එජාපයෙන් නායකත්වය ලබාගෙන එජාපය වෙනුවෙන් තරඟ කරන්න සූදානම් වෙන්න යැයි එජාපයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහ...
එළැඹෙන 2020 ජනාධිපතිවරණයේ දී එජාපයෙන් නායකත්වය ලබාගෙන එජාපය වෙනුවෙන් තරඟ කරන්න සූදානම් වෙන්න යැයි එජාපයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට කළ යෝජනාව ඒ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි 'රාවය' පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ.
පළාත් පාලන මැතිවරණයට පසුව ආණ්ඩුව තුළ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එජාපයේ ඉහළ පෙළේ සාමාජිකයන් එකතු වූ සිරිකොතේ පැවති රැස්වීමක දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
ආණ්ඩුව තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග එජාපයේ නායකත්වයේද වෙනසක් කළ යුතු යැයි පක්ෂය තුළ ලොකු හඬක් නැවත මතුවී තිබෙන අතර මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කරන්නට ඇතැයි වාර්තා වෙයි.
නායක - සජිත් : නියෝජ්‍ය නවින්
එළැඹෙන 2020 ජනාධිපතිවරණය අරමුණු කරගනිමින් පක්ෂ නායකත්වයේ ලොකු වෙනසක් කිරීමට පක්ෂය තුළ සංවාදයක් ගොඩනැගී ඇතැයි ප්‍රකාශ කළ එජාපයේ ප්‍රබලයෙක් තවදුරටත් ප්‍රකාශ කළේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා ද නියෝජ්‍ය නායකත්වයට නවීන් දිසානායක මහතා ද පත්වෙනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් එජාප ප්‍රබලයෙක් ප්‍රකාශ කළේ මේ අර්බුදකාරී අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය භාර නොගනු ඇති බවයි. එය ඔහුට අවාසි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දයා ගමගේ නායකත්වය ඉල්ලයි :
'' මට නායකත්වය අරන් දෙන්න .. මම ජනාධිපතිවෙලා පෙන්නනම් '' - දයා ගමගේ කියලා
මෙසේ සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටියදී තමන් පක්ෂ නායකත්වය බාර ගෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට සුදානම් බව අමාත්‍ය දයා ගමගේ මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.
'සිරිකොත ' එජාප මුලස්ථානයේ ප්‍රධානියකු මගින් එම දැනුම්දීම සිදුකර තිබේ.
දයා ගමගේ මහතා හා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඔහුගේ බිරිඳ වන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල මහතාට සමීප දෙදෙනෙකු ලෙස සැලකේ.
මේ අතර ඉදිරියෙදී සිදු කිරීමට නියමිත පක්ෂ ප්‍රතිසංවිධානයේදී අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා නියෝජ්‍ය නායකත්වයත්, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා උප නායක ධුරයත්, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා උප සභාපති ධුරත් අපේක්ෂාවෙන් පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බව 'සිරිකොත' අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

COMMENTS