දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය: ඇමති නිමල්ගේ PROගෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන
Homeප්‍රවෘත්ති

විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය: ඇමති නිමල්ගේ PROගෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන, විදුහල්පතිනිය දණ ගැස්සවීම පිළිබද චෝදනා එල්ල වී සිටින ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසන...

"සටන අත් නොහැර ඉදිරියටම ගෙනියනවා"
ඇවන්ගාර්ඩ් මෙහෙයුම් කළමනාකරුවෙකු අත්අඩංගුවට
හරීන්ට අජිත්ට එජාපයේ නව තනතුරු
විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය: ඇමති නිමල්ගේ PROගෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන, විදුහල්පතිනිය දණ ගැස්සවීම පිළිබද චෝදනා එල්ල වී සිටින ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් සංවිධානය කරන එජනිස බදුල්ල ජන රැළිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මහජන සම්බන්ධතා නිළධාරි අජිත් හික්කඩු ලියනගේ විසින් තර්ජනය කර ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක යන මාධ්‍යවේදීන් දෙදෙනා මෙම තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙති.

“මහ ඇමති චාමර සම්පත් අපහසුතාවට පත් වුණේ උඹලා නිසයි. දණ ගැස්සු විදුහල්පතිනියගේ පස්සෙන් ගිහින් උඹලා වොයිස් කට් ගත්තා. උඹලත් එපා. උඹලාගේ මාධ්‍යයත් අපිට එපා. අපි අපේ රැස්වීම් වාර්තා කර ගන්නම්. උඹලාගේ ගෙවල් වලට ගැහුවොත් මම වගකියන්නේ නෑ‘‘ යැයි අජිත් ලියනගේ විසින් තමන්ට තර්ජය කළ බව සිරස හා දෙරණ මාධ්‍යවේදීන් බදුල්ල පොලීසියට පැමිණිලි කර (CIB 3 / 319/285) ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.

කවුද මේ අජිත්?

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් අජිත් හික්කඩුව ලියනගේ යනු විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ දැරිය පාසලට ඇතුලත් කිරීම සදහා දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට නීති විරෝධී ලිපියක් යොමු කළ පුද්ගලයා ය. පාසල් සදහා සිසුන් ඇතුලත් කිරීම පිළිබද කිසිදු පුද්ගලයෙකුට විදුහල්පතිවරුන්ට බලපෑම් කළ නොහැකි අතර ඒ සදහා වන ඉල්ලීම් සිදු කළ යුත්තේ ‘කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ‘ වෙත ය. ප්‍ර‍ශ්නගත සිදුවීම සිදුවන විටත් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත මෙම දැරිය පාසලට අතුලත් කර ගැනීම සදහා වන ඉල්ලීමක් ලැබී නොතිබුණි. පාසලට සිසුන් ඇතුලත් කිරීමේ සියලු ක්‍ර‍මවේදයන් උල්ලංඝනය කරමින් මෙම ලිපිය ලබාදීමත්, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය එම ලිපිය බාර ගැනීම ප්‍ර‍තිකේෂ්ප කොට එය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලබා දෙන ලෙස දැන්වීමත් සමග මෙම සිදුවීම් ජාලය ආරම්භ විය.

මහ ඇමතිවරයා විසින් දණ ගස්වනු ලැබූ විදුහල්පතිනිය මහ ඇමති නිල නිවසට ගොස් ඇත්තේ ද මෙම ලිපියේ අනු අත්සන් යොදා ඇති මහ ඇමති පුද්ගලික ලේකම් විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරිය වෙත දුරකතනයෙන් සිදු කළ දැනුම්දීමක් අනුවය.

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන්ට රජයේ අමාත්‍යවරුන්ගෙන් එල්ල වන බලපෑම් හා තර්ජනය කිරීම් දැඩිව හෙළා දකින බව කැෆේ සංවිධානය සඳහන් කරයි.

මෙය පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්, මර්ධනය කරමින් ගෙන ගිය වැඩ පිළිවෙල නැවත සිහිගන්වන තත්වයක් බවත් සියළු මාධ්‍ය සංවිධාන මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි. (මෙයට පෙර අවස්ථාවක දී ද, හාලිඇල මාධ්‍යවේදී චන්දන ලියනාරච්චි මහතා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ පහරදීමකට ලක් විය.)

තර්ජනයට ලක් වූ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කැෆේ සංවිධානය පොලිස්පතිවරයාගෙන්, ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ දැරිය පාසලට ඇතුලත් කිරීම සදහා දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට යොමු කළ ලිපිය පහතින්,

No automatic alt text available.

No automatic alt text available.

No automatic alt text available.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය: ඇමති නිමල්ගේ PROගෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන
විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය: ඇමති නිමල්ගේ PROගෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන
http://am.lk/media/k2/items/cache/ff639c6efb315d3a9471e0d572d25e13_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/pro.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/pro.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy