දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගායක රජීව් සෙබස්තියන් අත්අඩංගුවට?
Homeගොසිප්

ගායක රජීව් සෙබස්තියන් අත්අඩංගුවට?

PropellerAds

ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මාරවිල අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. සංගීත ප‍්‍රසංගයක් පැවැත්ව...

වැල්ලවත්තේ එක්සලන්සි උත්සව ශාලා ගොඩනැගිල්ල කඩාවැටෙන්නට පෙර දර්ශන
වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිලි හිමිකරු අත්අඩංගුවට
මඩකලපුවේත් ගොඩනැගිල්ලක් කඩා වැටේ -20 කට තුවාල

ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මාරවිල අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් මහතාට එරෙහිව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෙරේදා (15) නියෝග කළේය.

වෙන්නප්පුව හෝටල් පරිශ‍්‍රයකදී 2017 අගෝස්තු 04 වැනිදා ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා සහභාගි කරවන බවට පෙරොන්දු වී රුපියල් ලක්‍ෂ තුනක අත්තිකාරම් මුදලක් ලබාගෙන සංගීත ප‍්‍රසංගය පැවැත්වීම පැහැර හැරිය බවට එම ප‍්‍රසංගයේ සංවිධායකවරයෙකු වන වෙන්නප්පුව දුම්මලදෙණියේ එච්.ඩී. ටර්සියන් ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

මෙම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් ලබා දුන් නමුත් එම චෙක්පත අගරුවී ඇති බවද පැමිණිල්ලේ සඳහන් විය.

මේ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කීපයක් යටතේ ණය අයකිරීමේ පනතේ මොහුට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය පැවසී ය.

සිද්ධියට අදාලව වෙන්නප්පුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගායක රජීව් සෙබස්තියන් අත්අඩංගුවට?
ගායක රජීව් සෙබස්තියන් අත්අඩංගුවට?
http://ift.tt/2FHNQWJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_981.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_981.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy