21 කට තුවාල සිදු කරමින් දෙදෙනෙකු මරණයට පත් කරමින් දෙදෙනෙකු අතුරුදන් කරමින් මහත් ව්‍යසනයක් සිදු කළ වැල්ලවත්ත ප්‍රදේශයේ කඩා වැටුණු ‘එක්සලන්සි...
ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ.
ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සිය අනුමැතිය ලබාගෙන නොමැති බවයි.එමෙන්ම මහල් තුනක ගොඩනැගිල්ලක් ඉදිකරන බවට අවසර ලබාගෙන ඉදිකර තිබූ මෙම පස් මහල් ගොඩනැගිල්ල තවත් මහල් දෙකකින් ඉහළ නංවන විට මෙලෙස කඩාවැටීමට ලක්වු අතර එය නීතිවිරෝධී ලෙස සිදු කර ඇත.
මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ල ආසන්නයේ පවතින සියලු ගොඩනැගිලි පරීක්ෂාවට ලක් කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබෙන අතර ඇමති චම්පික රණවක සඳහන් කළේ ඇළ මාර්ග ආශ්‍රිත පහත් බිමක මෙම ගොඩනැගිල්ල අනවසරයෙන් ඉදිකර ඇති බවයි.එවැනි ගොඩනැගිලි 10000 ක් පමණ කොළඹ ආශ්‍රිතව අනවසරයෙන් ඉදිකර ඇති බවත් ඉදිරියේදී ඒවාට නීති ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසා ඇත.
COMMENTS