යුද්ධය හමාර වී බොහෝ කාලයක් ගත් වී ඇති කාල වකවානුවක උතුරේ තවදුරටත් යුද හමුදාව රැදී සිටීම දෙමළ වැසියන්ගේ දෛනික ජීවිතයට විශාල බාධාවක් බව ද්‍ර...
යුද්ධය හමාර වී බොහෝ කාලයක් ගත් වී ඇති කාල වකවානුවක උතුරේ තවදුරටත් යුද හමුදාව රැදී සිටීම දෙමළ වැසියන්ගේ දෛනික ජීවිතයට විශාල බාධාවක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පෙරේදා (15) යාපනයේ මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
තෛපොංගල් සමය නිමිත්තෙන් මාධ්‍යවේදීන් පිරිසක් යාපනයේ පිහිටි ආනන්ද සංගරී මහතාගේ නිවසේදී ඔහුව හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.
යුද්ධය නොමැති කාලයකදී යුද හමුදාව උතුරේ රැදී සිටීම නිසා දෙමළ වැසියන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වන බව පවසන ආනන්ද සංගරී සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් ඔවුන් තවමත් පරිහරණය කරන බවද කියා සිටියි.
සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් වලින් හමුදාව ඉවත් කොට රජයේ ඉඩම් වල ඔවුන්ව කදවුරු ගත කරණ බව රජය ප්‍රකාශ කළත් උතුරු පළාතේ රජයේ ඉඩම් යනු උතුරේ ජනතාව අතර ඉදිරි කාලයේ දී බෙදා දීමට ඇති ඉඩම් ප්‍රමාණයක් බැවින් අනාගතයේ දී උතුරේ වැසියන්ට ඉඩම් අර්බුදයක් ඇතිවීමට මෙය විශාල හේතුවක් වන බව ද සඳහන් කොට තිබේ.
කිසිදු හේතුවක් නොමැතිව යුද හමුදාව උතුරු ප්‍රදේශයේ රැදී සිටීම නිසා විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිදහසට එය විශාල බාධාවක් බව පවසන ආනන්ද සංගරී මහතා ඔවුන්ට මේ තත්ත්වය මත නිතරම බියෙන් හා සැකයෙන් යුතුව ජීවත් වීමට සිදුව ඇතැයිද පවසා ඇත.
දෙමළ වැසියන්ගේ සංස්කෘතියට අනුව හමුදාවක් රැදී සිටීම කිසිසේත්ම නොගැලපෙන බැවින් උතුරු පළාතේ කිසිදු හේතුවක් නොමැතිව හමුදාව රැදී සිටීම තමන් අනුමත නොකරන බවද ආනන්ද සංගරී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
(දිනසේන රතුගමගේ)
COMMENTS