දිවයින පුරා II වර්ගයේ පාසල්වල විදුහල්පතිවරු අරලියගහ මන්දිරයට කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රචාරක කටයුත්තක් කර ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවර...
දිවයින පුරා II වර්ගයේ පාසල්වල විදුහල්පතිවරු අරලියගහ මන්දිරයට කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රචාරක කටයුත්තක් කර ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.
විද්‍යා උපකරණ කට්ටලයක් ලබා දෙන බව දන්වමින් එම විදුහල්පතිවරු අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.
ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ ඔවුන් සිදුකර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ කණෙන් රිංගා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමක් බවයි.
විද්‍යා උපකරණ කට්ටලයක් ලබාදීමට පැමිණෙන්නැයි දුරකථන මඟින් දන්වා විදුහල්පතිවරු අරලියගහ මන්දිරයට ගෙන්වා ගෙන පසුව අදාල විද්‍යා උපකරණ කට්ටලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් යවන බවත් කොළඹට කැඳවූයේ විද්‍යා උපකරණ හඳුන්වාදීමේ වැඩසටහනක් සඳහා බවත් පසුව ගුරුවරුන්ට පවසා ඇතැයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අවධාරණය කළේය.
මෙය වෙනස්ම අන්දමේ දන්සල් ක‍්‍රමයක්යැයි පෙනී යන බවද මැතිවරණය ඉලක්ක කරගෙන බලය යොදවා කරන මෙවැනි නින්දා සහගත කටයුතු හෙළා දකින බව ද ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසී ය.
විද්‍යා උපකරණ පාසල් 3000 ක්
කෙසේ වෙතත් කුඩා පාසල් තුන්දහසක් සඳහා ජංගම විද්‍යාගාර කට්ටල ලබාදීම පිළිබඳව දැනුවත් කිරීමේ විදුහල්පති වැඩමුළුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම උත්සව සභාව අමතමින් අගමැතිවරයා සඳහන් කළේ තාක්ෂණික විප්ලයට හවුල් වීමට නම් සෑම සිසු සිසුවියකටම විද්‍යා දැනුම ලබාදිය යුතු බවයි.
ඒ අනුව ද්විතීය පාසල්වලත් විද්‍යා විෂය ඉගැන්වීමේ පියවරක් ලෙස විද්‍යා උපකරණ පාසල් 3000ක් සඳහා අද දින ලබාදෙන බවත් මේ යටතේ විද්‍යා විෂය ඉගැන්වෙන පාසල් ගණන වර්ධනය වන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS