පසුගිය 07 වනදා යාපනය ඉලවාලෙයි වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට පිහිට නිවසක් අසල දාමා ගොස් තිබූ දින 20ක් වයසැති බිළිඳාගේ දෙමාපියන් අත්අඩංගුවට ග...
පසුගිය 07 වනදා යාපනය ඉලවාලෙයි වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට පිහිට නිවසක් අසල දාමා ගොස් තිබූ දින 20ක් වයසැති බිළිඳාගේ දෙමාපියන් අත්අඩංගුවට ගෙන මෙම මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ. ජූඩ්සන් මහතා නියෝග කොට තිබේ.
බිළිඳාගේ මවගේ අනියම් ඇසුරක් හේතුවෙන් මෙම බිළිඳා උපත ලබා ඇති අතර දරුවා හදාවඩා ගැනීමට ඇයට ආර්ථිකයක් නොමැති වීමත් අනියම් සැමියා ද ඇයව ප්‍රතික්ෂේප කිරීමත් නිසා අදාළ කාන්තාව විසින් බිළිඳා කාඩ්බෝඩ් පෙට්ටියක දමා අනියම් සැමියාගේ නිවස ඉදිරිපිට දමා ගොස් ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව පොලීසිය විසින් බිළිඳාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා විසින් පසුගිය 09වනදා බිළිඳාගේ මව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කොට ඇති අතර පියා මෙම මස 24 වනදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.
මේ වනවිට බිළිඳා යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බිළිඳා රැක බලා ගැනීමට මෙන්ම ආධාර කිරීමට ද විවිධ පාර්ශව ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.ත.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS