ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (11) කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ ප...
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (11) කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
ඒ, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනි.
අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවිම මේ වන විට පාර්ලිමේන්තුවේදී සිදුවන අතර ඊට විරෝධය පාමින් මොවුන් සිය අතෙහි සහ ගෙළෙහි කළු පටි පැළඳ සභා ගර්භයට පැමිණ ඇත.
මෙම පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා ලිපියක් ද යොමුකොට තිබිණි.
COMMENTS