වව්නියාව පුලියන්කුලම් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය ඕමන්තේ ප්‍රදේශයෙහි ඉදිකරන ලෙස ඉල්ලා ඕමන්ත ප්‍රදේශයේ වැසියෙකු ඕමන්...
වව්නියාව පුලියන්කුලම් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය ඕමන්තේ ප්‍රදේශයෙහි ඉදිකරන ලෙස ඉල්ලා ඕමන්ත ප්‍රදේශයේ වැසියෙකු ඕමන්ත පැරණි මුරපොළ ආසන්නයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කොට තිබේ.
ඊයේ (10) සිට ආරම්භ කොට ඇති මෙම මාරාන්තික උපවාසයට සහය පළ කරමින් ඕමන්ත ප්‍රදේශයේ තවත් වැසියන් පිරිසක් ද මේ වනවිට ඊට එක්වී ඇත.
ටී. මහෙස්වරන් නමැති 73 හැවිරිදි මෙම පුද්ගලයා මෙසේ උපවාසයේ නියැලෙමින් කියා සිටින්නේ ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට උතුරු පළාතෙහි මධ්‍යස්ථ ස්ථානයක් ලෙස ඕමන්තය වඩාත් සුදුසු ස්ථානයක් බවත් එමගින් නැවත පදිංචි ජනතාවගේ ආර්ථිකයට මහත් දියුණුවක් සැලසෙන බවත්ය.
උතුරු පළාත් මහ ඇමති සී. වී විග්නේෂ්වරන් මහතා ඊයේ අදාළ තැනැත්තාට උපවාසය අත්හරින ලෙස දුරකතන ඇමතුමක් ලබාදුන්න ද තමන්ට විධිමත් විසඳුමක් ලැබෙන තුරු උපවාසය අත්නොහරින බව ඔහු ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව අද (11) දිනයේදී ද ඔහු උපවාසයේ නියැලෙමින් සිටී.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS