මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් තෝරාගන්නා මැතිවරණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් තෝරාගන්නා මැතිවරණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දමිළ ප්‍රගතිශීලී සන්ධානය හැටන් DKW ශාලාවේදී පසුගියදා පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය වටා ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සඳහා 2015 වසරේදී සෙසු දේශපාලන පක්ෂ සහ ජනතාව ඒකරාශී වූවා සේම මෙවර පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සියලුදෙනා ඒකරාශී වී සිටින බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඉල්ලීම පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව වැඩිකිරීමට තම ආණ්ඩුව කටයුතු කළ බවත් ඊට පෙර පැවති කිසිදු ආණ්ඩුවක් වැවිලි ප්‍රජාව වෙනුනෙන් එවැනි සේවාවක් සිදුකර නොමැති බව ඔහු පැවසී ය.
කඳුකරයේ ප්‍රජාව භාර අමාත්‍යවරයා බවට පලනි තිගාම්බරම් මහතා පත්කිරීමට තමා පියවර ගත්තේ වැවලි ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීම සඳහා බවයි හෙතෙම ප්‍රකාශ කළේය.
අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අදහස් දක්වමින් මෙහිදී ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2020 පැවැත්වෙන මැතිවරණයේදී ජනාධිපතිවරයා බවට පත්කිරීමට කැපවී කටයුතු කරන බවයි.
අගමැතිවරයාට ඇතැමුන් අසත්‍ය චෝදනා එල්ල කිරීමට උත්සාහ කළත් ඒවා ඔප්පු කර ගැනීමට ඔවුන්ට නොහැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසී ය.
COMMENTS