වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩාය දිගින් දිගටම පරාජයන් අත් කරගනිමින් සිටින අතර ප්‍රවීනයන්ගේ උපදෙස් අනුව පරාජිත ගමන නිමා කොට කණ්ඩායම...
වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩාය දිගින් දිගටම පරාජයන් අත් කරගනිමින් සිටින අතර ප්‍රවීනයන්ගේ උපදෙස් අනුව පරාජිත ගමන නිමා කොට කණ්ඩායම ජයග්‍රහාහී මාවතට අවතීර්ණ කිරීම අරවින්දගේ කාර්යභාරයයි.
මීට පෙර ද ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙස අරවින්ද කටයුතු කළ අතර පසුගිය මැයි මාසයේදී ඔහු ඉන් ඉවත් විය.
අරවින්ද සිල්වාගේ ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කර ගනිමින් ක්‍රිකට් ගොඩනැගීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මේ වනවිට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුධූරය හිස්ව තිබෙන අතර අරවින්දගේ ප්‍රමුඛතම රාජකාරිය වන්නේ සුදුසු පුහුණුකරුවෙකු සෙයා ගැනීමයි.
අරවින්ද 2010 - 2011 වකවානුවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් මිඩංගු කිරීමට නොහැකි බව පවසමින් පසුව ඔහු තනතුරෙන් ඉවත් විය.
COMMENTS