දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ ලංගම වර්ජනයෙන් ජනතාවට පීඩා
Homeප්‍රවෘත්ති

උතුරේ ලංගම වර්ජනයෙන් ජනතාවට පීඩා

PropellerAds

උතුරේ ලංගම සේවකයින් විසින් ආරම්භ කොට ඇති වර්ජනය හේතුවෙන් උතුරු පළාතේ ලංගම ඩිපෝ හතකට අයත් බස් රථ ධාවනය කරවීම  ජනවාරි මස 2 දා නතර වී තිබේ. ...

මහින්ද චීන වරාය බලන්න යයි (VIDEO)
පොතුපිටිය රේල් ගේට්ටුව අද අනාරක්ෂිතයි
මන්ත්‍රී බිරිඳ ගිය වාහනේ අධිවේගයේදී අනතුරක - බිරිඳට, දුවට තුවාල
උතුරේ ලංගම වර්ජනයෙන් ජනතාවට පීඩා

උතුරේ ලංගම සේවකයින් විසින් ආරම්භ කොට ඇති වර්ජනය හේතුවෙන් උතුරු පළාතේ ලංගම ඩිපෝ හතකට අයත් බස් රථ ධාවනය කරවීම  ජනවාරි මස 2 දා නතර වී තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් හා ගම්බද ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති.

උතුරේ ලංගම සේවකයින් කියා සිටින්නේ වව්නියාව පැරණි බස් නැවතුම් පල වසා දැමීම දැඩි අසාධාරණයක් බවයි.

ජනවාරි මස 1 දා සිට වවුනියාව පැරණි බස් නැවතුම් පල වසා දමා ඇති අතර ඊට විරෝධය පලකිරීමක් වශයෙන් වව්නියාව පැරණි බස් නැවතුම් පල වටා පිහිටි වෙළෙද සැල් 100 ක් පමණ වසා දමා කළු කොඩි දමා වෙළෙන්දන් විසින් ද විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

වව්නියාවේ පැරණි බස් නැවතුම්පල වසා දැමීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කරණ ලද්දේ රුපියල් කෝටි 20 ක පමණ වියදමකින් වව්නියාවේ නව බස් නැවතුම්පලක් විවෘත කොට ලංගම හා පෞද්ගලික බස් රථ එම නැවතුම් පල වෙත රැගෙන යන මෙන් ඉල්ලමිනි.

වව්නියාවේ නව බස් නැවතුම් පල විවෘත කොට වසරකට වඩා වැඩි කාලයක් ගතව ඇතත් එය පසුගිය දෙසැම්බර් මස 25 වෙනිදා දක්වාම වසා දමා තිබුණි.

මේ වන විට පෞද්ගලික බස් රථ හිමියන් පමණක් එම බස් නැවතුම් පලට ගොස් ඔවුන්ගේ බස් රථ එම නැවතුම් පලේ සිට ධාවනය කරති.

ලංගම සේවකයින් කියා සිටින්නේ ඔවුන්ට පෞද්ගලික බස් රථ සේවකයින් සමඟ එකට වැඩ කිරීමට නොහැකි බවයි.

දෙපාර්ශ්වයේම සේවකයින් විසින් පසුගිය දිනවල වව්නියාව පැරණි ලංගම බස් රථ නැවතුම්පල අසල ඉතා කලහකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව දෙපාර්ශ්වයේම සාමාජිකයින් හය දෙනෙකු වව්නියාව අධිකරණයට කැදවා තිබුණි.

ඉතා සහයෝගයෙන් හා විනීතව සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසදා ගන්නා ලෙස වව්නියාව දිසා විනිසුරුවරයා දෙපිරිසටම දන්වා සිටි  අතර ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ අවසාන තීරණය සමඟ ජනවාරි මස 3 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කොට තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ ලංගම වර්ජනයෙන් ජනතාවට පීඩා
උතුරේ ලංගම වර්ජනයෙන් ජනතාවට පීඩා
http://ift.tt/2DLlklg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_89.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_89.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy