දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කරයෙන් දප්පුලගේ කණ්‌ඩායම ඉවතට.
Homeගොසිප්

බැඳුම්කරයෙන් දප්පුලගේ කණ්‌ඩායම ඉවතට.

PropellerAds

බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව බැඳුම්කර වංචාවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කටයුත්ත එම කොමිෂන් සභාව හමුවේ...

තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලියුමක්‌ : ඇමැති 3ක්‌ රුසියාවට.
හැරී කුමරුන්ගේ විවාහයට විලියම් කුමරු නොඑන හැඩ.
කැස්බෑව සංවිධායකට එරෙහි, එජාප තරුණයන්ගේ ස්වාධින කණ්ඩායම ඇප තියයි.

බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව බැඳුම්කර වංචාවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කටයුත්ත එම කොමිෂන් සභාව හමුවේ සාක්‌ෂි මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඇතුළු කණ්‌ඩායම බැහැර කොට නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනත් නීතිඥ කණ්‌ඩායමකට පවරා ඇති බව විශ්වාස කටයුතු මාර්ග පවසයි. 

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව මනා පළපුරුද්දක්‌ හා හැකියාවක්‌ ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින දක්‌ෂ නිලධාරියෙකි. බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි මෙහෙයවීමේදී ජනාධිපති නීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, ජනාධිපති නීතිඤ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ ඔහුට ඉතා ඉහළින් සහාය වූහ.

මේ සියලු දෙනාම ඉවත් කොට නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් ප්‍රධානී අංශයේ මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රිය ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවකට පවරා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

බැඳුම්කරයේ මතු වූ සාක්‌ෂි කොමිසම හමුවේ මෙහෙයවනු ලැබුවේ සහ ඒවා සටහන් කර ගත්තේ කුමක්‌ සඳහාද එම සාක්‌ෂිවලට අදාළ පොලිස්‌ උධෘත කුමක්‌දැයි හොඳාකාරව දන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතාගේ කණ්‌ඩායමයි.එබැවින් මෙම කරුණ නැවත විමර්ශනය කොට අපරාධ නඩුවක ස්‌වරූපයක්‌ ගන්නේ නම් ඒ අනුව ඉදිරි පියවර ගැනීම කළ යුතු වේ. මෙම කටයුත්ත, අපරාධ නඩුවක්‌ බොහෝ කාලයකට මෙහෙයවූවේ නැති සිවිල් අංශයේ ප්‍රධානියකුට ඉක්‌මනින් කළ හැකිද යන්න නීති විශාරදයන් නඟන ප්‍රශ්නයයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කරයෙන් දප්පුලගේ කණ්‌ඩායම ඉවතට.
බැඳුම්කරයෙන් දප්පුලගේ කණ්‌ඩායම ඉවතට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN8c-rP20r05YlmL4CxtPlyYufIn0xwwcT_XqOXIHB6ZzLjVJs6bOQ0v0GuUUZmd8SCLoeO5MBTy8GjITkKrdszZpTilGxUsNUl6g8Si0gUnOIEBAohK4STCfpYulLLet3KWaagurfW9Z5/s1600/AG-Dappula-de-Livera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN8c-rP20r05YlmL4CxtPlyYufIn0xwwcT_XqOXIHB6ZzLjVJs6bOQ0v0GuUUZmd8SCLoeO5MBTy8GjITkKrdszZpTilGxUsNUl6g8Si0gUnOIEBAohK4STCfpYulLLet3KWaagurfW9Z5/s72-c/AG-Dappula-de-Livera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_841.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_841.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy