ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන ලද යූරියා මෙට්‍රික් ටොන් 48000ක් ඊයේ (08) කොළඹ වරායට පැමිණී බව ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවී ක්‍රි...
ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන ලද යූරියා මෙට්‍රික් ටොන් 48000ක් ඊයේ (08) කොළඹ වරායට පැමිණී බව ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා පැවසීය.
එම පොහොර තොගය ඊයේ දහවල් 12 පමණ සිට වරාය පරිශ්‍රයේ සිටම දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට කටයුතු කරන බව ද ඒ සඳහා ලොරි රථ 250ක් සූදානම් කර තිබෙන බවද ජයවර්ධන මහතා කීවේය.
ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, මහියංගනය ආදී ප්‍රදේශවලට පොහොර බෙදා හැරෙන අතර ඉදිරි දින තුන ඇතුළත ගොවීන්ට හිඟයකින් තොරව පොහොර ලැබෙනු ඇතැයි බවද ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා කීය.
COMMENTS