තමාට එරෙහිව එල්ල වී ඇති දුරකථන සංවාද පිළිබඳ චෝදනා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මාධ්‍ය ...
තමාට එරෙහිව එල්ල වී ඇති දුරකථන සංවාද පිළිබඳ චෝදනා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ තමන් හා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකථන සංවාද පැවැත්වූයේ තමන් විසින් ලියන ලද “මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත” යන ග්‍රන්ථයට තොරතුරු සපයා ගැනීමට පමණක් බවත්ය.
කෙසේ නමුත් විසින් රචිත එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2015 ජූලි 24 වනදා වන අතර සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස පත් කරනු ලැබුවේ 2016 ජූලි 07 වන දිනය.එනම් ඒ මහතාගේ කෘතිය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 349කට පසුවය.
අමාත්‍යවරයා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර දුරකථන ඇමතුම් 62ක් පමණ හුවමාරු වී ඇත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව පරීක්ෂණ සිදු කරන කාල සීමාවේදීය.
සමාජ මාධ්‍ය ජාලා අතර හුවමාරු වන පහත සඳහන් පින්තූර මඟින් පෙනී යන්නේ සේනසිංහ මහතා සිය දුරකථන සංවාද සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ජාවේදී දැක්වූ සියලු කරුණු අසත්‍ය බවයි.
COMMENTS