පසුගිය රජයේ රහසිගත ණය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක...
පසුගිය රජයේ රහසිගත ණය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ (22) භාර දෙනු ලැබීය.
අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් පැවසීය.
“පසුගිය රජයේ රහසිගත ණය අගමැති හෙළි කරයි.පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යංශය විසින් විවිධ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. මේ කිසිම වර්තාවක රහසිගත ණය තිබෙන බව වාර්තා කරලා නැහැ. ඒ නිසා තමයි අපි ගරු කථානායකතුමාට කියන්නේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන ජාතික වශයෙන් වැදගත් අත්සනක් ලෙසනේ අපි සලකන්නේ. මේවා අපට සිල්ලර වශයෙන් විසදගන්න පුළුවන් ඒවා.
COMMENTS