කැපවුණ ආණ්ඩුවේ කට්ටියගේ අද චරිත ඝාතන කරන්න හදනවා යැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ ඊයේ (21) උතුරු කොළඹ කොච්චිකඩේ ආසනයේ එක්සත...
කැපවුණ ආණ්ඩුවේ කට්ටියගේ අද චරිත ඝාතන කරන්න හදනවා යැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ ඊයේ (21) උතුරු කොළඹ කොච්චිකඩේ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුවය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දණ ගස්සපු ආර්ථිකයක් තමයි අපිට දුන්නේ. ඒ මහින්ද රාජපක්ෂ ඇතුළුව ඒ ආණ්ඩුවේ තමයි එස්.බී. දිසානායකලා හිටියේ, සුසිල් ප්‍රේමජයන්තලා හිටියේ. දයාසිරි ජයසේකරලා හිටියේ. ඒ ආණ්ඩුවේ තමයි මහින්ද අමරවීරලා හිටියේ. ඒ ගත්ත ආණ්ඩුවේම තමයි ජෝන් සෙනවිරත්නලා හිටියේ. අද මුන් කතා කරන්නේ මොකක්ද? අපට දුකයි. කැපවුණ ආණ්ඩුවේ කට්ටියට අද චරිත ඝාතන කරන්න හදනවා. පේනවනේ දයාසිරි ජයසේකර මොකද කියන්නේ කියලා. එයා දයාසිරි හිටියේ මහින්ද රාජපක්ෂත් එක්ක. අද නිකන් මැරිලා ඉපදුණා වගේ කතා කරන්නේ.”
“අපි මේ කියන්නේ අපට බය නැති නිසා. අද අපේ චරිත ඝාතනය කරන්න හදනවා. අද බලන්න මහින්දානන්ද අලුත්ගමගේ අල්ලස් දුෂණ කොමිසමේ ඔක්කොම ඉවරයි. එයාගේ නෝනට මිලියන් 500ක්ද, 50ක්ද, 5000ක්ද ගෙව්වයි කියලා කියනවා. අද චරිත සහතිකයක් එනවා ඔක්කොම ඉවරයි කියලා. මේවා යහපාලනේ ලකුණු නෙවෙයි. අද කොමිසමේ වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා. මොනවද කියලා තියෙන්නේ? කියපු දේ විකෘති කරලා තියෙන්නේ. යන්නේ වමට කියන එක කියලා තියෙන්නේ දකුණට යනවයි කියලා. මම 23 වෙනිදා ප්‍රකාශයක් කරනවා මේ කරපු අපරාධය අපි මුළු ජනතාවටම කියලා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න කැමතියි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS