මත්පැන් මත පනවා ඇති අනෙකුත් බදුවලට අමතරව ජාතිය ගොඩ නැගීමේ බද්ද අය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමර...
මත්පැන් මත පනවා ඇති අනෙකුත් බදුවලට අමතරව ජාතිය ගොඩ නැගීමේ බද්ද අය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම යෝජනාව ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මීට අමතරව ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් පනවා තිබූ ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.
1.කෘෂිකාර්මික කටයුතු සඳහා උසස් තාක්ෂණය යොදා ගැනීමේ අරමුණින් හරිතාගාර, පොළී ටන්ල්ස් හා හරිතාගාර ඉදිකිරීම් සඳහා භාවිත වන උපාංග
2.පොල්තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන
3.කපා ඔප දමා ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් ආනයනය කරනු ලබන මැණික් ගල්
4.ඔරු පැදීම, කයාකස්, කයිට් සර්ෆින්ග්ස්, කිමිදීම ආදී ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය මෝටර් මඟින් ක්‍රියාත්මක නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග
5.එල්ලී යන ග්ලයිඩර්, බැලුන, පැදවිය හැකි ගුවන් යානා (ඩිරිජිබර්), පැරෂුට්, පැරා - ග්ලයිඩර් ආදී ගුවන් ක්‍රීඩා සඳහා අවශ්‍ය බල ගැන්වීම් අවශ්‍ය නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග
6.ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය මඟින් සපයනු ලබන සේවාවන්
COMMENTS