අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) දින සිදුකළ විශේෂ ප්‍රකාශයක් සමඟ හිටපු මුදල් අමාත්‍ය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ස...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) දින සිදුකළ විශේෂ ප්‍රකාශයක් සමඟ හිටපු මුදල් අමාත්‍ය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බවට අනාවරණය විය.
ඒ බැඳුම්කර සිද්ධිය වන අවස්ථාවේ මහ බැංකුව තිබුණේ අගමැතිවරයාගේ හෝ එවකට මුදල් අමාත්‍යවරයා වූ තමා යටතේ නොවන බවට කළ ප්‍රකාශයයි.
නමුත් අගමැතිවරයා සිදුකළ ප්‍රකාශය තුළින් කියැවුණේ තමා ඇමැතිවරයෙකු ලෙස කටයුතු කරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ මහ බැංකුව පැවැති බවයි.
කෙසේවෙතත් බැඳුම්කර සිද්ධිය සිදුවන අවස්ථාවේ මහ බැංකුව තමා යටතේ නොතිබුණ බවත් මහ බැංකුව තිබුණේ කවුරුන් යටතේදැයි සියලු දෙනා දන්නා බවත් හිටපු මුදල් අමාත්‍ය, එජාප උප නායක රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
මහ බැංකුව පාවෙමින් කටයුතු කරන ආයතනයක්
එජාප කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පසුගියදා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයාගේ යටතේද මහ බැංකුව නොතිබුණ බවත් මහ බැංකුව පාවෙමින් කටයුතු කරන ආයතනයක් බවට පත්වී තිබූ බවත්ය.
අගමැතිවරයා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් විය.
“මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා.
ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක් නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ. ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් වේ නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා.“
COMMENTS