දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බෝතලය කපා කෝපි දමා හමුදාවට අවමාන කල නිරෝධායන කදවුරේ පුද්ගලයාට හමුදාපතිගෙන් ප‍්‍රතිචාර

නි රෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත ය...

නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඔහු ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.

මේවන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත 931 දෙනෙකු අදවන විට ඇතුළත් කර තිබෙනවා. මීට අමකරව අද උදෑසන විට විට මෙරටට පැමිණි 103 දෙනෙකු පමණ මේ වන විට ආගමන විගමන කටයුතු නිමා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු සම්බාදනය වෙමින් පවතිනවා. අද උදෑසන දක්වා පැමිණි පිරිස මේ වන විට කන්දකාඩු , පූනානි, දියතලාව නිරෝධනායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. නමුත් අද දිනයේ තවත් 150ක පමණ පිරිසත් පැමිණෙතැයි විශ්වාස කරනවා. මේ වන විට විශේෂයෙන්ම කිවයුතු කාරණයක් තියෙනවා විවිධ කටකතා පැතිරීම සම්බන්ධයෙන්.

ඔබ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ රජය සහ මේ සම්බධයෙන් ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යංශයත් ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. අප කිසිවිටෙකත් මේ සම්බන්ධයෙන් අසත්‍ය්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒනිසා අවස්ථාවේදී විවිධ කටකතා විශ්වාස කරන්න එපා. අපි මේ අවස්ථාවේ යුද්ධ හමුදාවේ 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඊට අමතරව 113 දුරකතන අංක ය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. එසේම සමාජමාධ්‍ය ඔස්සේ සම්පූර්ණයේම අසත්‍යය තොරතුරු හුවමාරු කෙරෙනවා. යුද හමුදාවෙන් ලබා දෙන තේ සම්බන්ධයෙන් එක් අසත්‍යය ප්‍රචාරයක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය උණා. ශ්‍රී ලංකා හමුදාව කියන්නේ දිනන්න බෑ කියපු යුද්ධයක් ජයග්‍රහණය කරපු රට විශ්වාස කරන යුද්ධ හමුදාවක්.අපි කැලේ ඉද්දිවත් වතුර බෝතල් කපලා තේ බීපු පිරිසක් නෙවෙයි. කැලේ යද්දි උණත් සියලු දේ සඳහා අපිට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානවලත් නිසි ක්‍රමවේදයන්ට තමයිඅපි අහාර පාන ලබා දෙන්නේ. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ හිටපු යම්කිසි පුද්ගලයෙකු තමයි මේ ඡායාරූපය සමාජමාධ්‍යයට මුදා හැරලා තිබුණේ. ඇතැම් වෙලාවට මේ සමාජයේ පිරිස් හිතන්න පුළුවන් මෙච්චර මිනිස්සු ආදරය කරන යුද්ධ හමුදාව මෙහෙමද නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු කරන්නේ කියලා. අපි ඒ තත්ත්වයට පත්වෙන්නේ නෑ කවදාවත්. මේ ඡායාරූපය මුදාහැරපු පුද්ගලයා යම්කිසි යටි පරමාර්ථයක් හිතේ තියාගෙන තමයි මේ ඡායාරූප සමාජගත කරලා තියෙන්නේ. ඔහුගේ ඒ ක්‍රියාව අපි හෙලා දකිනවා.

අපේ නිරෝධායන මධ්‍යස්ථානයක ඔහුව කිසිම ලෙඩක් නැති පුද්ගලයෙකු ලෙස රඳවාගෙන තව දින 12කින් පමණ ඔහුගේ නිවසට යන්න නියමිතව තියෙද්දි  ඔහු කළ මේ කටයුත්ත සම්බන්ධයෙන් ඔහුට අනුකම්පා කරනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා විවිධ ආකාරයෙන් අසත්‍යය ප්‍රකාශ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරනවා කියලා. අපිට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දෙනවා.

අපි තමයි නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන්නේ. ඒ කටයුත්තේදී කුමන හෝ අකටයුත්තක් අසාධාරණයක් අපෙන් සිදුවෙනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න. අපිට කළ හැකි උපරිමය අපි කරනවා. ඔවුන්ට ලබා දෙන ප්‍රධාන ආහාරවේලවලට අමතරව කොත්තමල්ලි, සව් වැනි අතිරේක ආහාරපානත් අපි ලබා දෙනවා. පොදුවේ කල්පනා කරන්න අවශ්‍ය කාරණය වෙන්නේ ඔවුන් කල්පනා කරන්න උවමනායි අපි මේ කරන්නේ සේවයක් කියලා. මේ විදිහට නිරෝධායනය සිදුනොකළොත් ඒ්ක පොදුජනතාවට තර්ජනයක් වෙන්න පුළුවන්. අපිට හැකියාවක් නැහැ මිලියන 22ක ජනතාවක් අනතුරේ දාන්න.දැනට අපි රඳවාගෙන ඉන්න අය කොරෝනා ආසාධිතයෝ නෙවේ. අපේ වෛද්‍යවරු ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමුකරනවා.

අපි මෙරට ජනතාවගෙන් නැවත නැවත ඉල්ලන්නේ රට ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාව ගැන බලාපොරොත්තු තියාගන්න. අපි මේ සම්බන්ධයෙන් අපිට ලැබෙන සියලුම තොරතුරු  මහජනාතාවට දැනුම් දෙනවා. සමහරු අහනවා ඇයි මේ හමුදාවම මේ දේ කරන්නේ කියලා . ලංකාවේ හිටපු අයනම් දන්නවා යම්කිසි හදිසි අවශ්‍යතාවයක් ඇතිවුණාට පස්සේ මේ රටේ පෙරට ඒන ප්‍රධානතම ආයතනය වෙන්නේ යුද්ධ හමුදාව. නාය යාමක් ගංවතුරක් ආවත් අපි තමයි ඉදිරියට ඒන්නේ. වැඩිම විනය ගරුක  මිනිස්බලය සහිත ආයතනයක් වශයෙන් ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වෙනවා.මේ නිරෝධායන කටයුතු සඳහාම පුහුණු වූ කණ්ඩායම් ත්‍රිවිධ හමුදාව තුළ ඉන්නවා. අපිට ඒ සඳහා පහසුකම්, මිනිස්බලය සහ දැනුම තිබෙන නිසා තමයි ත්‍රිවිධ හමුදාව මේ සඳහා යොදවලා තියෙන්නේ. අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යම්කිසි පෙරසූදානමක් වෙලා හිටපු නිසා තමයි මේ සඳහා ඉදිරිපත් වුණේ. යැයි ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

– දිලංක ගුණතිලක


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝතලය කපා කෝපි දමා හමුදාවට අවමාන කල නිරෝධායන කදවුරේ පුද්ගලයාට හමුදාපතිගෙන් ප‍්‍රතිචාර
බෝතලය කපා කෝපි දමා හමුදාවට අවමාන කල නිරෝධායන කදවුරේ පුද්ගලයාට හමුදාපතිගෙන් ප‍්‍රතිචාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMv1_wxHLcui_lAV3Ic2C7MAA7zBASawZMLBlHWQnXKvRDMetmz768TyF6_thPbwgNKumrLOIqVppdR7KrPIwK-0phkrmtuGrjcMtyuq2c3VRUPxsZE6i9I2kWACqcGFCNJ_6ykFWARejN/s320/4454544.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMv1_wxHLcui_lAV3Ic2C7MAA7zBASawZMLBlHWQnXKvRDMetmz768TyF6_thPbwgNKumrLOIqVppdR7KrPIwK-0phkrmtuGrjcMtyuq2c3VRUPxsZE6i9I2kWACqcGFCNJ_6ykFWARejN/s72-c/4454544.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_756.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_756.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy