යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුල වාර්තා වූ මරණ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...
යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුල වාර්තා වූ මරණ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විවිධ මාධ්‍ය මගින් පළ කර තිබු යාපනය ප්‍රදේශයේ සිදු වූවා යැයි කියන මරණ සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශය, පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව මුලික විමර්ශණයක් සිදු කර ඇත.
එම විමර්ශණයට අනුව යාපනය ප්‍රදේශයේ මෙම කාලය තුල වාර්තා වී ඇති මරණ සියල්ලම පැහැදිලි රෝගී තත්ත්වයන් හේතු කොට සිදු වූ මරණ බවට තහවුරු කර ඇත.
එම නිසා මරණ සියල්ලම සායනිකව තහවුරු කළ විවිධ රෝගී තත්ත්වයන් හේතු වී ඇති බවට වෛද්‍ය සාක්ෂි ඇත. තවද මෙම මරණ එකම පවුලක හෝ ඔවුන්ගේ ඥාතීන් අතර සිදුව නැති බව ද තහවුරු වී ඇත.
අදාළ මරණ යම්කිසි හඳුනා නොගත් හේතුවක් මත සිදු වී ඇති බවට පැතිර ඇති වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS