යාපනය කොකුවිල් මන්සන්ධියේ දී ඊයේ (15) රාත්‍රියේ දී යතුරුපැදි කල්ලියක් විසින් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා පලා ගොස් ඇති බවට යාප...
යාපනය කොකුවිල් මන්සන්ධියේ දී ඊයේ (15) රාත්‍රියේ දී යතුරුපැදි කල්ලියක් විසින් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
කොකුවිල් ලෝටස් මාර්ගයේ භද්‍රකාලි අම්මාන් කෝවිල අසල ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ මෙසේ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුද වලින් පහර දී පලා ගොස් ඇති අතර එසේ පහර කෑමට ලක් වූ තරුණයින් දෙදෙනාගේ අත්වලට පා වලට සිදු වූ තුවාල හේතුවෙන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේම පදිංචි කරුවන් වන 22 හැවිරිදි නාගමිණි ජෙනිස්ටන් හා 49 හැවිරිදි කන්දයියා ශ්‍රී ගනීධන් නැමති පුද්ගලයින්ය.
අදාල පහර දීමට පැමිණි පුද්ගලයින් කව්රුන්දැයි යන්න තමන්ට හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පැමිණියේ මුහුණු වසාගෙන බවත් පහර කෑමට ලක් වූ පුද්ගලයින් විසින් පොලීසියට පවසා ඇති අතර අදාල පහර දීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS