ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිරගත කිරීම සදහා රාජපක්‍ෂ පවුලේ අය විසින් කුමන්ත‍්‍රණයක් කල බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්...
ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිරගත කිරීම සදහා රාජපක්‍ෂ පවුලේ අය විසින් කුමන්ත‍්‍රණයක් කල බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
එමගින් ඔවුන් උත්සාහ කරනු ලැබුවේ ජනධිපතිවරයා හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අපකීර්තියට පත් කිරීමට බවද ඔහු සදහන් කරයි.
මේ බව දැනගත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඒ ගැන දැනුවත් කර තීන්දුවක් ගන්නා ලෙස දැන්වූ බවත් කී මහ ඇමතිවරයා ඉන් පසු රටින් පිටවීමට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රටින් පිටවූ බවද කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කලේ සන්ධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.
COMMENTS