පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීමෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු තමන්ට විපක්ෂ නාය...
පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීමෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු තමන්ට විපක්ෂ නායක තනතුර අවශ්‍ය බව කියමින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළද එම ධූරය ලිඛිතව කතානායක කරැ ජයසූරිය මහතාගෙන් ඉල්ලා නැතැයි වාර්තා වේ.
පවතින තත්ත්වය අනුව අදාළ ධූරය ලබා ගැනීමට නම් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන්ගතයුතු වේ.
නොඑසේනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්විය යුතු වේ.
එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක තනතුර හිමි නොවන බව පැවසේ.
මීට පෙරද ඒකාබද්ධ විපක්ෂය මේ තනතුර ඉල්ලා ඉල්ලීම් කළද එම අවස්ථාවේද මෙම නීතිමය ගැටලුව පැනනැගීම නිසා එය අසාර්ථක විය.
ඒකාබද්ධයට ඕන මහ මැතිවරණයක් !
පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටිමින් ද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවෙන් ජන්ද සටන මෙහෙයවූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසේ මීළඟ ඉලක්කය වී ඇත්තේ මහ මැතිවරණයක් ලබා ගැනීම බව දේශපාලන විචාරක මතය වේ.
මේ අනුව අදාළ තත්ත්වය සනාථ කරමින් ජනතා මතයට හිස නමා මහ මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලමින් සිදු කරනු ලබන ජන රැලි මාලාවේ පළමු ජන රැලිය ලබන 06 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටපුරා විරෝධතා හා උද්ඝෝෂණ මාලාවක්ද පැවැත්වීමට නියමිත බව පැවසේ.
ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සැදුම්ලත් කමිටුවක්ද පත්කර ඇති බව වාර්තා වේ.
මේ සෑම ජන රැලියකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වේ.
COMMENTS